ලොකු ලූණු මිල යළිත් 400 දක්වා ඉහළ යයි

වෙළඳපොලේ ලොකු ළූණු මිල යළි ඉහළ ගොස් තිබේ.

වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ ඊට හේතුව පකිස්ථානයෙන් ආනයනය කරන ළූණු මිල ඉහළ දැමීම බවයි.

පසුගිය සතියේ පිටකොටුව තොග වෙළඳපොලේ රුපියල් 330ක පමණ අගයකින් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 400 කට ආසන්න වී තිබේ.

දඹුල්ල සහ මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලද ලොකු ළූණු තොග මිල රුපියල් 420 කට ආසන්න අගයක් සටහන් වන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *