වැලන්ටයින් දිනය සැමරීම සදහා ස්විස්ටර්ලන්තයේ සිට සිය පෙම්වතිය සොයා යාපනයට පැමිණි ස්විස්ටර්ලන්ත පෙම්වතෙකුට පෙම්වතියගේ ස්වාමිපුරුෂයා විසින් පහර දී ඔහු සතුව තිබූ සියළු දේ කොල්ල කා තිබෙනවා…අදාළ සිදුවීමෙන් තුවාල ලබා ඇති ස්විස්ටර්ලන්ත ජාතිකයා යාපනයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ..
ස්විස්ටර්ලන්තයේ උපත ලබා එහි පුරවැසිභාවය හිමි කරගෙන ඇති මෙම තරුණයාගේ සියළු ඥාතීන් යාපනයේ සිටින අතර ඔහු සමාජ මාධ්‍ය හරහා යාපනයේ කාන්තාවක් සමඟ ප්‍රේම සබඳතාවයක් ඇති කර ගෙන තිබෙනවා..අප වාර්තාකරු පැවසුවේ ඔහු එම කාන්තාව විවාහක කාන්තාවක් බවට දැන සිට නොමැති බවයි..මෙවර වැලන්ටයින් දිනයට ස්විස්ටර්ලන්තයේ සිට යාපනයට පැමිණීමට තමන් කැමති බව ස්විස්ටර්ලන්ත පෙම්වතා ප්‍රකාශ කළ අවස්ථාවේදී යාපනයේ කාන්තාව ඊට කමැත්තද පලකර ඇති බව සඳහන්..කෙසේ වෙතත් මෙම ප්‍රේම සබඳතාවය පිළිබඳව කාන්තාවගේ ස්වාමියාට තොරතුරු ලැබී ඇති අතර ඔහු ඒ සෑම පණිවුඩයක්ම රහසිගතව ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
ස්විස්ටර්ලන්තයේ සිට යාපනයේ ඥාතී නිවසකට පැමිණි මෙම තරුණයා වැලන්ටයින් දිනයේදී සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබෙනවා..මේ දෙදෙනා පෙමින් වෙළෙන්නට ගිය අවස්ථාවේදී ස්වාමි පුරුෂයා ස්විස්ටර්ලන්ත තරුණයාව නිවසින් එළියට වෑන් රථයෙන් රැගෙන ගොස් ඔහුට සිය මිතුරන් සමඟ එකතු වී පහර දී ඔහු සතුව තිබූ සියලු දේ මංකොල්ල කා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ..ස්විස්ටර්ලන්ත තරුණයාගේ යාපනයේ සිටින ඥාතී කාන්තාවක් මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පමිණිලි කිරීමෙන් පසුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ..