මීළග කතානායක ධුරය බිමල් රත්නායකට

අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ කතානායක ධූරය සඳහා බිමල් රත්නායක මහතාගේ නම යෝජනා වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව දැනට සභානායක ධුරයේ කටයුතු කරන බිමල් රත්නායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී කථානායක ලෙස වැඩ භාර ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

පාර්ලිමේන්තුව ලබන 17 සහ 18 දෙදෙන රැස්වන අතර 17 වැනිදා පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමඟ එහි මුල්ම කටයුත්ත ලෙස කතානායකවරයා පත්කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මාලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

කථානායක ධූරය සඳහා අලුතින් නම් කරන මන්ත්‍රීවරයා සම්බන්ධව යම් බෙදීමක් ඇති වුවහොත් ඡන්ද වීමසීමක් පැවැත්වීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *