රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් නිලධාරියකු වරදක් කර ඇත්නම් ඔවුනට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.
සිද්ධිය ඉතාමත් කැත විදියට දේශපාලනය භාවිතා කළ බව කී ඒ මහතා අද පෝලිමේ දැවැන්ත හොරු ඇතුළට යනවා.
ඒ නිසා නිලධාරීන් ගැන ප්‍රශ්නයක් නැහැ. එල්ලෙන්න වැලක් නැති අය මින් හඳුනාගන්න පුළුවන් වුණා යැයිද කීවේය.
බස් රථ රියැදුරන්ට ආසන පටි අනිවාර්ය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පිටකොටුව බස් නැවතුම්පොළ වෙත ඊයේ (01) ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් ඇමැති බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
“මේ සිද්ධිය ඉතාමත් කැත විදියට දේශපාලනය භාවිතා කළ මුජිබර් රහුමාන් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්පූර්ණයෙන් පච වුණා. කලින් කිවුවා බස්නාහිර පළාත් ආණ්ඩුකාරයාගේ කිවුවා. මාස පහක් ගිහින් මාව පැටලුවා. ඊයේ කතාවක්වත් නැහැ. ඊයේ කිසිම කතාවක් නැහැ. අපි සත පහක් හොරකම් කරන්නේ නැතිව ආණ්ඩුවක් කරනවා. හොරකම් කරපු සජබයි අනෙක් පාර්ශ්වයි මඩ ගහන්න උත්සාහ කරනවා. ජනාධිපතිතුමා තමයි කමිටුව දැම්මේ. සජබ දාපු කමිටුවක් නැහැ. සජබ දැම්මේ මහා බැංකු හොරකම වහන්න. ජනාධිපතිතුමා දාපු කමිටුව තමයි රේගු නිලධාරින්ගෙන් වැරැද්දක් වෙලා තියනවා කියලා තියෙන්නේ.එහෙම නැතිව සජිත් ප්‍රෙමදාස දාපු කමිටුවෙන් නොවෙයි. නාමල් දාපු කමිටුවකින් නොවෙයි.මුජිබර් දාපු කමිටුවකුත් නොවෙයි. ජනාධිපතිතුමා කමිටු වාර්තාව ගැන ඉස්සරහට කටයුතු කරයි. මේ අය බිල්ලො මවන්න කටයුතු කරනවා. ඒ ගොල්ලෝ වගේ තමයි අපිත් කියලා. ඉතාම සොරි කියලා තමයි අපට කියන්න තියෙන්නේ. ජනාධිපතිතුමා දාපු කමිටුවෙන් වැරදි දෙකක් අනාවරණය වෙනවා. එකක් තමයි රේගුවෙන් වුණු වැරැද්ද. වැරදි සහගත ලෙස දේශපාලන බිල්ලෝ මවන්න පාවිච්චි කරන රහුමාන්ලා සජිත්ලා රාජපක්ෂලා ගැන තමයි කමිටුවෙන් කියා තිබෙන්නේ. ඒ ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනීවි. කමිටුව පිළිබඳව කාටවත් ප්‍රශ්නයක් නැහැ. කමිටුව යම් අඩුපාඩුවක් හඳුනාගෙන තිබෙනවා. මේ ගැන ලේකම්වරුන් අනෙක් අය කටයුතු කරාවී. රේගු නිලධාරින්ගේ වෘත්තීය සමිතිය තමයි මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් මුලින්ම තියන්නේ. ඒක මත තමයි රහුමාන්ලා එල්ලුනේ. බස්නාහිර ආණ්ඩුකාරයා කියලා මඩ ගහන්න පටන් ගත්තේ ඒකෙන්. අද ඒ ගැන වචනයක් නැහැ. නිලධාරින්ගෙන් යම් අඩුපාඩුවක් විය හැකියි. ඊට විනයානුකූල පියවර ගත යුතුයි.