පාක්ෂි­ක­යන්ට විත­රක් රස්සා දෙන සංස්කෘ­තිය අව­සන් කළා – ඇමැති බිමල් රත්නා­යක

පාක්ෂි­ක­යන්ට පම­ණක් රැකියා දෙන සංස්කෘ­තිය වත්මන් රජය අව­සන් කළ බව ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අනි­යම් කම්ක­රු­වන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදා­නය කිරීමේ උත්ස­ව­යට එක්වෙ­මිනි.

මෙහිදී උතුරු, නැඟෙ­න­හිර ඇතුළු දිව­යිනේ පළාත් නව­යම නියෝ­ජ­නය වන පරිදි සේව­ක­යන් 704 දෙන­කුට ස්ථිර පත්වීම් ලිපි පිරි­නැ­මීම සිදු කළ අතර, 2017 වස­රෙන් පසු අධි­කා­රියේ ස්ථිර සේව­යට අන්ත­ර්ග්‍ර­හ­ණය වූ මේ සේවක පිරිස දිව­යිනේ සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම සේව­යට සක්‍රිය දාය­ක­ත්වය දෙනු ඇත.

අර­ලි­ය­ගහ මන්දි­රයේ මහ­ජන ශ්‍රව­ණා­ගා­ර­යේදී පෙරේදා (08) පැවති මේ උත්ස­ව­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද කීවේය.

“පසු­ගිය රජ­යන් දේශ­පා­ල­නය ප්‍රධාන කර­ගෙන රාජ්‍ය ආය­ත­න­ව­ලට බඳවා ගැනීම් සිදු කළා. මාර්ග සංව­ර්ධන අධි­කා­රිය ඇතුළු රාජ්‍ය ආය­තන කොත­රම් දේශ­පා­ල­නී­ක­ර­ණය වූවා දැයි රටම දන්නවා. බඳවා ගැනීම් කළ හැටි, ස්ථිර කළ හැටි, කෝටි ගණන් මුදල් නාස්ති කළ හැටි දන්නවා. 2024 සැප්තැ­ම්බර් මස 21 වැනිදා ජන­තාව ගත් අභීත, නිවැ­රදි තීන්දුව මේ රට වෙනස් ගම­න­කට යොමු කළා. පසු­ගිය රජ­යන් හෘද සාක්ෂි­යක් නැතුව, නපුරු දේශ­පා­ලන අර­මුණු ඇතිව කට­යුතු කළා. එම යුගය නිමා කර අදූ­ෂිත පාල­න­ත­න්ත්‍ර­යක් යටතේ සමා­නා­ත්ම­තා­වෙන් ක්‍රියා කරන පාල­න­යක් දැන් බිහිවී තිබෙ­නවා.

මාර්ග සංව­ර්ධන අධි­කා­රිය පසු­ගිය කාලයේ විවිධ වර්ගී­ක­රණ යටතේ බඳවා ගැනීම් සිදු කර තිබෙ­නවා. සේවක අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් මේ රජය කැප වෙනවා. දේශ­පා­ලන හේතු නිසා, පරි­පා­ලන හේතු නිසා රැකියා අයි­ති­යට හානි­වෙන්න බෑ. රැකි­යාවේ ස්ථිර­භා­වය කියන්නේ ජීවි­තය පිළි­බඳ ස්ථාව­ර­භා­ව­යක් ඇති­කි­රීම. අද එය සිදු කර තිබෙ­නවා. මේ නිසා ජීවි­ත­යට සැලැ­ස්මක් හදා­ගන්න පුළු­වන් වෙලා තියෙ­නවා. මේ රටේ හිටපු සම­හර පාල­ක­යන් නරක, නපුරු වැඩ කළේ තනි­වම නොවේ. ඒවාට ව්‍යාපා­රික කොටස්, නිල­ධාරී කණ්ඩා­යම්, සේවක පිරිස් තම ‍ෙහංච­යි­යන් ලෙස යොදා ගත්තා.

පසු­ගිය සැප්තැ­ම්බර් මස 21 වැනිදා ඒ නපුරු සංස්කෘ­තිය නැති කර දූෂ­ණ­යෙන් තොරව වැඩ කරන්න, ජන­තා­වට වග කියන පාල­න­ය­කට ජන­තාව වරම දුන්නා. ඒ අනුව පාක්ෂි­ක­යන්ට පම­ණක් සැලකූ එදා සංස්කෘ­තිය මේ අදූ­ෂිත පාල­නය යටතේ අපි අව­සන් කළා.”

මේ අව­ස්ථා­වට ප්‍රවා­හන හා මහා­මාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති, ඉංජි­නේරු ජනිත රුවන් කොඩි­තු­වක්කු, ජාතික ජන බල­වේ­ගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී චන්දන සූරි­ය­ආ­රච්චි, ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශයේ ලේකම්, මහා­චාර්ය කපිල සී. කේ. පෙරේරා, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති ටී. පාස්ක­රන්, අධ්‍යක්ෂ ජන­රාල් විමල් කණ්ඩම්බි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විමල් රාජ­පක්ෂ යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *