නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වන බවයි.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බව තහවුරු කර තිබුණේ අද උදෑසනයි.
ඒ අනුව එම යාත්‍රාව අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබීය.
එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.
අනතුරුව බහුදින යාත්‍රාව සිය භාරයටගත් නාවික හමුදා නිලධාරින් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.
මේ අතර, විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු ගත වූ දින දෙක තුළ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 2000 ඉක්ම වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුම් ආරම්භ කළ පළමු දිනයේ දී සැකකරුවන් 971 ක් දෙනෙකු සහ ඊයේ දිනයේදී සැකකරුවන් 1,076 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.