ලබන වසරේදී ඩො. බිලියන 02ක ආයෝජන ගේනවා – BOI සභාපති අර්ජුන හේරත් කියයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබන වසරේ දී මෙරටට ඇමෙරිකා ඩොලර් බිලියන දෙකකට ආසන්න ආයෝජන ගෙන ඒමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් පවසනවා.

මෙම වසරේ දී ආයෝජන මණ්ඩලය ඇමෙරිකා ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ජයගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ෂීල්ඩ් රෙස්ට්‍රෙයින්ට් සිස්ටම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ආයතනය වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සිය අති නවීන නිෂ්පාදන පහසුකම ආරම්භ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *