මූලික වැටුප් 05ක බෝනස් ඉල්ලා ගුවන් තොටු­පොළ සේවක වෘත්තීය සමිති උද්ඝෝ­ෂ­ණ­යක් අරඹයි

සීමා­ස­හිත ගුවන් තොටු­පොළ සහ ගුවන් සේවා සමා­ගමේ සභා­පති, විශ්‍රා­මික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේ­වි­ක්‍රම මහතා විසින් ප්‍රකා­ශ­යට පත් කළ පරිදි 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස දීමට නිය­මි­තව තිබූ මූලික වැටුප් 05ක ප්‍රමා­ණය දෙන ලෙස බල කර­මින් ගුවන් තොටු­පොළ සේවක වෘත්තීය සමිති සාමා­ජි­කයෝ ගුවන් තොටු­පොළ බුදු මැඳුර පරි­ශ්‍ර­යේදී ඊයේ (29) උද්ඝෝ­ෂ­ණ­යක නිරත වූහ.

මේ උද්ඝෝ­ෂ­ණ­යට ගුවන් තොටු­පොළ ශ්‍රී ලංකා නිද­හස් සේවක සංග­මය, පොදු ජන සේවක සංග­මය, ප්‍රග­ති­ශීලි සේවක සංග­මය, ජාතික සේවක සංග­මය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිද­හස් සේවක සංග­මය නියෝ­ජ­නය කර­මින් සේවක සේවි­කා­වන් 500ක පමණ පිරි­සක් සහ­භාගි වී සිටි­යහ. එහිදී පැමිණ සිටි විරෝ­ධ­තා­ක­රු­වන් ඇමතූ ගුවන් තොටු­පොළ ශ්‍රී ලංකා නිද­හස් සේවක සංග­මයේ සභා­පති මුහ­න්දි­රම් මහතා මෙලෙස පැව­සු­වේය.

“දැනට අපට 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප මෙන් දෙගු­ණ­යක් දී තිබෙ­නවා. නමුත් ගුවන් තොටු­පොළ සමා­ගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපි­යල් බිලි­යන 21ක් වෙනවා. ඒ අනුව අපගේ ඉල්ලී­මට රජය අව­ධා­නය යොමු කර අවම වශ­යෙන් තවත් මූලික වැටුප් දෙකක මුද­ලක් සඳහා කැබි­නට් අනු­මැ­තිය දීමට පිය­වර ගන්න. එසේ නොවු­ණොත් ඉදි­රි­යේදී අපේ අයි­ති­වා­සි­කම් දිනා ගැනී­මට ගුවන් තොටු­පොළ අක­ර්මණ්‍ය කරන ක්‍රම 16ක් තිබෙ­නවා. ඒ සඳහා යොමු වීමට ඉඩ ප්‍රස්තා තිබෙ­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *