ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසර සදහා ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
මණ්ඩලය මෙම වසරේ විශාල ලාභයක් ලැබුවදල එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇතැයි අධ්‍යක්ෂ මණ්ඩලය පවසයි.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති නිසා දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබා දිය යුතු යයි ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීමක් කර තිබේ.
සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ පැවති ආණ්ඩු යටතේ වසර දෙකක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව නොලැබුණදල වර්තමානයේ තම වෘත්තීය සමිතිය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බැවින් ප්‍රසාද දීමනාව අනිවාර්යයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු බවයි.