අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10 කින් වැඩි කිරීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ