නඩුව ඉල්ලා අස් කරගැනීමට ප්‍රියංකර ජයරත්න කල ඉල්ලීම අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි

හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියං­කර ජය­රත්න මහ­තා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව වෙතින් කළ ඉල්ලීමක් එම කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ. තමන්ට එරෙ­හිව පව­රන ලද අල්ලස් නඩුව වරද පිළි­ගැ­නීම හෝ අල්ලස් කොමි­සම නියම කරන වෙනත් කොන්දේසි සම්පූර්ණ කිරීමේ එක­ඟ­තාව යටතේ ඉල්ලා අස්කර ගන්නා ලෙසයි ඔහු විසින් ඉලා සිටියේ.

එම ප්‍රති­ක්ෂේප කිරීම පිළි­ගත් මහා­ධි­ක­රණ විනි­සුරු රශාන්ත ගොඩ­වෙල මහතා පැමි­ණිල්ලේ සාක්ෂි විම­සී­මට නියෝග කළේය. හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පදවි ප්‍රාප්තිය නිමි­ත්තෙන් පව­ත්වන ලද ‘දැයට කිරුළ’ ප්‍රද­ර්ශ­නයේ ගෙවී­මක් සම්බ­න්ධ­යෙනුයි හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියං­කර ජය­රත්න මහ­තාට එරෙ­හිව නඩු පවරා තිබුණේ. ඊට අදාළ නඩුවේ වැඩි­දුර සාක්ෂි විභා­ගය ජූනි 30දා පැවැ­ත්වී­මට නිය­මි­තයි.

මහා­ධි­ක­රණ විනි­සුරු රශාන්ත ගොඩ­වෙල මහතා ඉදි­රියේ ඊයේ (06දා) පැමි­ණිල්ලේ 3 හා 4 සාක්ෂි­ක­රු­වන්ගේ සාක්ෂි විම­සීම අව­සන් විය. අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සමේ සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල් තනූජා බණ්ඩාර මහ­ත්මිය පැමි­ණිල්ල මෙහෙ­යවූ අතර ජනා­ධි­පති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විත්තිය වෙනු­වෙන් පෙනී සිටි­යේය. අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම විසින් පිංය­කර ජය­රත්න හිටපු ඇමැ­ති­ව­ර­යාට විරු­ද්ධව තවත් නඩු 4ක් පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *