බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා ජනපති අනුරගෙන් රුසියානු ජනපති පුටින්ට ලිපියක්

බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා, ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වේ. 

මේ බව අනාවරණය කර තිබෙන්නේ, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති පීඑම් අම්සා විසිනි. 

ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා විසින් අදාල ලිපිය රුසියානු ජනාධිපතිවරයාට යොමුකර තිබෙන්නේ පසුගිය ඔක්තෝබරයේ දී ය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ද බ්‍රික්ස් සාමාජිකත්වය ලබා ගැනිම සදහා ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි. 

දැනට රටවල් දහයක් බ්‍රික්ස් සංවිධානය නියෝජනය කරයි. එම රටවල් දහය තුළ ගෝලීය ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙයි. ලෝකයේ ඛණිජ තෙල් නිෂ්පාදනයෙන් 40% ක ප්‍රමාණයක් සිදුකරනු ලබන්නේ බ්‍රික්ස් සාමාජිකත්වය දරන රටවල් විසිනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *