අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනීම තමන් ඇතුළු කණ්ඩායම ලැබූ වැදගත්ම ජයග්‍රහණයක් බව ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක විමල් වීරවංශ මහතා පවසයි
සලේ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට බලධාරීන් කටයුතු කිරීමත් සමඟ, ඔහු වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ සත්යග්රහ ව්‍යාපාරය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කළ බව ද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය