බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රනිල්ගේ නඩු විභාගයට සහභාගී වුණේ නැහැ – බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු විභාගයට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සහභාගී වූ බවට පළ වූ වාර්තා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අද (අගෝස්තු 26) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එම වාර්තා අසත්‍ය බවයි.

මහ කොමසාරිස්වරයාගේ සහ දූත මණ්ඩලයේ කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා තම නිල ගිණුම් පමණක් පරීක්ෂා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *