අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු සිය නිවසේ රැඳී සිටි අවස්ථාවකදී බව සමගි ජන බලවේගය පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියි.
මාධ්‍ය හමුව අමතමින් ඔවුන් පෙන්වා දුන්නේ චරිත් අබේසිංහ මහතාට තුන් නිවුන් දරුවන් සිටින බවත්, මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ ආකාරය එම දරුවන්ගේ පෞරුෂයට දැඩි හානියක් සිදුකර ඇති බවත්ය.
එහිදී රජයේ සහ ආරක්ෂක අංශවල ක්‍රියාකලාපය විවේචනය කරමින් මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ විය:
“මේ අත්අඩංගුවට ගැනීම දරුවන්ගේ පෞරුෂයට හානියක්. අහිංසක තමයි අංගුලිමාල වුණේ මතක තියා ගන්න.”