මැදපෙරදිග යුද්ධය පටන් ගන්නා අවස්ථාවේදී සිය සංගමය විසින් ඉන්ධන QR ක්‍රමවේදයට යා යුතු බවට ප්‍රකාශ කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
එහෙත් රජය විවිධ ප්‍රකාශ කරමින් සිටීම නිසා එම තීරණය ප්‍රමාද වී පැමිණි බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
පෞද්ගලික බස් හිමියන්ට ලංගම ඩිපෝවලින් ඩීසල් ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතා සහ ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදු වන බවත්, බස් ගාස්තු සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.