ව්‍යාපාර විශ්වාසය වසර 03කට පසුව ඉහළම අගය වාර්තා කරයි

ව්‍යාපාරික ඉදිරි දැක්ම පිළිබදව සිදු කරන සමීක්ෂණයට [Business Outlook Survey] අනුව, 2025 වසරේ දෙවන කාර්තුවේ දී, ව්‍යාපාරික තත්ත්ව දර්ශකය [Business Condition Index ] ඒකක 130 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

2022 වසරේ දෙවන කාර්තුවේ දී, ව්‍යාපාරිත තත්ත්ව දර්ශකය ඒකක 28  ක් ලෙස අවම අගයක් වාර්තා කළ අතර, එතැන් සිට පසුකර ආ සියළු කාර්තු සසදා බැලීමේ දී, ව්‍යාපාර තත්ත්ව දර්ශකය ඉහළම අගයක් වාර්තා කර තිබෙන්නේ 2025 වසරේ දෙවන කාර්තුවේ දී ය.

පොලී අනුපාත පහත වැටීම සහ විනිමය අනුපාත ස්ථාවරව පැවතීම ව්‍යාපාරික විශ්වාසය ඉහළ යාම කෙරෙහි බලපා ඇති බව මහ බැංකුව පවසයි. 

මහබැංකු-ව පවසන ආකාරයට, කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන සෑම අංශයකින් ම මෙම ධනාත්මක ප්‍රවණතාවය වාර්තා කරයි.  

මේ අනුව, 2025 වසරේ තුන්වන කාර්තුව වන විට, ඉල්ලුම සහ විකිණුම් පරිමාවන් තවදුරටත් ඉහළ යනු ඇතැයි, මහබැංකු-ව අපේක්ෂා කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *