සෑම වසරකම ලොව උසස්ම තත්වයේ හෙල්ලයක් රුමේෂ් තරංගට ලබා දීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන තීරණය කරයි

හෙල්ල විසි කිරීමේ ලෝක ශුර රුමේෂ් තරංග හට සෑම වසරකම ලොව උසස්ම තත්ත්වයෙන් යුත්, හෙල්ලයක් ලබා දීමට ව්‍යපාරික, ඩඩ්ලි සිරිසේන තීරණය කර තිබෙනවා.

පසුගිය දිනක ගුවන් යානයකින් මෙරට රැගෙන ආ රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ විනාශ වීමෙන් අනතුරුව ඩඩ්ලි සිරිසේන මෙලෙස තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රුමේෂ්ගේ පුහුණුකරු හට ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, රජය විසින් ද රුමේෂ් තරංගට අදාළ සියලු ක්‍රීඩා උපකරණ කටයුතු කරන බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම උපකරණවලට අමතරව උසස් තත්ත්වයෙන් යුත්, මෙම හෙල්ලය ලබා දීමටයි ඩඩ්ලි සිරිසේන තීරණය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *