රත්නපුර ශික්ෂණ රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණයේ සිව්වන මහලේ ‘ළමා දැඩි සත්කාර ඒකකය’ ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අදාළ පරිත්‍යාගශීලීන් අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අදාළ ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ද ලැබී ඇති අතර ඒ අනුව, ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 64.15ක අරමුදල් දායකත්වය දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇත.
2016-07-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි එම රෝහලෙහි ළමා වාට්ටු සංකීර්ණය සඳහා පස් මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම පිණිස මූල්‍ය දායකත්වය ලබා දීමට ඉදිරිපත් වූ දේශීය පරිත්‍යාගශීලීන් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇත.
ඒ අනුව, මේ වන විට එකී ගොඩනැඟිල්ලේ තෙවන මහල දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ. ළමා දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම සඳහා නව වාට්ටු සංකීර්ණයේ සිව්වන මහල ඉදි කිරීම පිණිස මූල්‍ය සහයෝගය ලබා දීම සඳහා නැවතත් දේශීය පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇත.
සබරගමුව පළාතේ පිහිටි ප්‍රධාන තෘතීයික සෞඛ්‍ය සත්කාර සපයන ආයතනය වන රත්නපුර ශික්ෂණ රෝහල මඟින් පුළුල් පරාසයක වෛද්‍ය සේවාවන් සපයන අතර, එය මේ වන විට සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති බැවින් වෛද්‍ය අධ්‍යාපනයට සහ පර්යේෂණ දියුණුවට ද දායක වේ.