මුළු රටම එකම හිතින් සුවය පැතූ චාමර වීරසිංහ සුවය ලබා ගෙදර යයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා නිවස බලා පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

චාමර වීරසිංහ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් දින 40කට ආසන්න කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ එහිදී ඔහුගේ උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කෙරුණු බවයි.

දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබූ චාමර වීරසිංහ මීට සති කිහිපයකට පෙර සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඔහුට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *