සලේගේ පෙත්සම නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා කාදිනල් හිමි අභියාචනාධිකරණයට යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේශ් සලේ විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

සුරේශ් සලේ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන එකී රිට් පෙත්සමට අදාලව කරුණු දැක්වීමට අවසර ඉල්ලමින්, අගරදගුරු මැක්ලම් රන්ජිත් කාදිනල් හිමියන් අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.

සලේ ගේ රිට් පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින කාදිනල් හිමියෝ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන සදහා බාධා නොකරන ලෙසට නියෝග කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *