විදුලි බල මණ්ඩලය අවසන් මාස 06 ට කෝටි 11,920 ක ශුද්ධ ලාභයක් වාර්තා කරයි

ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී රු. බිලියන 34.53 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.

මීට පෙර 2024 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී මණ්ඩල රු. බිලියන 84.67 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මේ අනුව 2024 වසරේ පළමු භාගය තුළ දී මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත ලාභය රු. බිලියන 119.20 ක් හෙවත් රු. කෝටි 11,920 කි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 ජූනි කාර්තුවේ දී වාර්තා කරන ලද රු. බිලියන 34.53 ක ලාභය 2023 ජූනි කාර්තුවේ ලාභ අගය වූ රු. බිලියන 20.65 හා සැසඳීමේ දී 67.2% ක වර්ධනයක් වේ.

2216 1723716917754 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *