ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් ඉදිරිපත් කර ඇති නව ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට ගියහොත්, පාරිභෝගික විදුලි බිල 100%කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව බලධාරීන් පෙන්වා දෙයි.
පසුගිය කාලසීමාව තුළ විදුලි සේවකයන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 64ක් අතුරින් 62ක්ම ලබා දීමට පියවර ගෙන තිබියදී, සේවක වෘත්තීය සමිති විසින් තවත් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
සේවකයන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් අතර පහත කරුණු ඇතුළත් වේ:
- මාර්තු මාසය වන විට වැටුප් 40%ක ප්‍රමාණයකින් වැඩි කිරීම.
- දැනට ගෙවන ජීවන වියදම් දීමනාව මූලික වැටුපට එකතු කිරීම.
- විශ්‍රාමිකයන් සඳහා ලබා දෙන දීමනාව 50%කින් ඉහළ නැංවීම.