ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව දශක ගණනාවකින් පසු වුවත් අපි 2024 සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය දුන්නේ මාලිමාවට කියා කෑගසා කියන්න පුළුවන් පරිසරය සිය ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම ගොඩනඟන බව එම බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18දා) කළුතර, ගම්පහ සහ නුගේගොඩ අවසන් ජන රැලිවලදී සහතික කර කියා සිටියේය.
සියවස් ගණනාවක් තිස්සේ රටේ ජනතාව දුටු සුබ සිහිනය සැබෑ කර ගැනීම සඳහා එක්වන මෙන් රටේ සිව්කොන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කී හෙතෙම ඔබ අප කෙරෙහි තබන බලාපොරොත්තු හා විශ්වාසයට බිඳකින් හෝ හානි නොකරන බව හෙතෙම කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.
අපේ ප්‍රතිපත්ති සමග හාවෙන්න බැරි විරුද්ධවාදීන් අපට මඩ ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ආගම්වාදී, ජාතිවාදී,
ගෝත්රිකවාදී මැතිවරණ ව්‍යාපාරයක් ඔවුන් සිදුකරන්නේ. ඇත්තටම මම නම් ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතාට මේ රටේ ආර්ථිකය, ප්රජාතන්ත්රවාදය රට ගොඩගැනීම පිළිබඳව මහා ගැඹුරු සංකල්ප පිළිබඳ කිසිදු අදහසක් නැහැ. ඔවුන්ගේ දේශපාලනය මඩ අවලාද පමණයි.
ඔහු අලි ඉන්න ප්‍රදේශවලට ගිහින් කියනවා ඒ මිනිසුන්ට අලි මන්තර පුරුදු කරනවා කියලා. ඔහුට මේ රටේ මහජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳ ගැඹුරු විග්රහයන් නැහැ. හරි මාවතක් නැති තැන කියන්නේ මේ වගේ කතා පමණයි.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්නේ කොහොමද කියලා එයාට කියන්න පුළුවන්ද? අප රට මුහුණදී ඇති අර්බුදයේ දිග පළල ගැන හාංකවිසියක අදහසක් ඔහුට නැහැ. ජාතික ජන බලවේග වේදිකාව තුළ කිසිදු සංස්කෘතික අනන්‍යතාවයක් ශිෂ්ටාචාරයක් ගොඩනැංවීමටත්, කිසිදු ආගමක් අතර ඇති විශ්වාසයත්, සංස්කෘතික උරුමයන් පිළිබඳ සටන් පාඨයන් කරගන්නේ නැහැ. ඒක තමයි අපේ විශිෂ්ටතම දේශපාලනය. යුගයකට අවශ්‍ය දේශපාලනය එයයි. අපි නියෝජනය කරන්නේ එයයි.
අපිට උතුරට ගිහින් මේ කතාව මෙහෙමම කියන්න පුළුවන්. දකුණට ගිහින් මේ කතාව මෙහෙමම කියන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් එක ව්‍යාපාරයයි මේ රටේ තියෙන්නේ. ඒ ජාතික ජන බලවේගය පමණයි. අපි ඒ ගැන සතුටු වෙනවා.
ආරම්භයේදී අපිට පොඩි සැකයක් තිබුණා. ඒ අපිට ජයග්‍රහණය සෙවිය හැක්කේ දකුණින් පමණක් යැයි අපි හිතුවා. අපි හිතුවේ උතුර – නැඟෙනහිර අපිව අතහැරපු දේශපාලනයක් ඇති බව. ඇත්තටම අද තත්ත්වය ඉඳුරාම වෙනස්. අද දකුණ හා සමානව උතුර – නැඟෙනහිර ජනයා බලාපොරොත්තු පොදි බැඳගෙන ජාතික ජන බලවේගය වටා එකතුවී සිටිනවා. උතුර දකුණ වෙන්වෙලා කළ දේශපාලනය, නැගෙනහිර දකුණ වෙන් කරපු දේශපාලනය අද අවසන් වෙලා. උතුර, දකුණ, නැඟෙනහිර වෙන්වෙලා කළ දේශපාලනයට තිත තියන්න ජාතික ජන බලවේගය අද සමත්වෙලා තිබෙනවා. රට සිව්කොන සියලු ජන සමූහයාව එක්කළ දේශපාලනයක් අද අප හා සමග ආරම්භ වෙලා. අපේ මැතිවරණ ජයග්‍රහණයට පෙරම අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රටට, සමාජයට ලබාදී තිබෙනවා.
අනේක විධ දුක්ක දෝමනස්සයන්ට මුහුණදී ඇති ජීවත්වන්න අසීරුතම පවුලක් වෙනුවෙන් ආරම්භයක් ලෙස රුපියල් දසදහසේ සිට රුපියල් දාහත්දහස් පන්සීයක් දක්වා දීමනාවක් කෙටි කාලයකට ලබා දෙන්න අප කටයුතු සූදානම් කර තිබෙනවා. ආසියාවේ ඉහළතම විදුලි බිල මේ කලාපයේ අඩුම විදුලි බිල බවට අප පත්කරනවා. සෞඛ්‍ය, අධ්‍යාපන, අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන් පනවා ඇති බදු අප මුළුමනින්ම නිදහස් කරනවා.
රජයට අත්හරින්න බැරි මේ කියන්නේ විනාශ වුණ කඩාවැටුණු රටක්. මෙය මුළුමනින්ම කණපිට හරවන්න ඕනෑ. අර්බුදයේ අසරණභාවයෙන් පතුලට තල්ලු කරපු මේ රට අපි නැවත පොහොසත් රාජ්‍යක් බවට පත් කරනවා. ඒ වැඩපිළිවෙළ සැලසුම අප සතුව තිබෙනවා.
අද රනිල් කියනවා එයා නැවත ජනාධිපති නොවුණහොත් රටට ගෑස් නැති වේවි කියලා. ඒ කියන්නේ රනිල් ගෑස් ළිඳේ අයිතිකාරයද? එයා ළඟ ගෑස් නිධියක් තිබෙනවාද? ඒ වගේම එයා කියනවා එයා නාවොත් තෙල් නැති වේවි කියලා. එහෙම වෙන්න ඒ ඔහු අරාබියේ තෙල් නිධි තිබෙන සුල්තාන් කෙනෙක්ද? මතක තියාගන්න ඇත්ත කතාව තෙල් ගෑස් නැති කළ, කිරිපිටි නැති කළ අර්බුදයේ නිර්මාතෘ රනිල් වික්රමසිංහයි. ගෝඨාභය අසරණයා ප්‍රශ්නයට බෙල්ල තිබ්බා පමණයි.
අපේ රජයන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් කෝටි එක්දහස් පන්සිය පනහක් විදේශ ණය ගත්තා. එයින් මහින්ද ගත්තේ ඩොලර් කෝටි 300යි. එය 2021 වෙනකොට ගෙවලා ඉවරයි. රනිල් 2015 බලයට ඇවිත් ඩොලර් කෝටි 1250ක් ණය ගත්තා. ඒ අවුරුදු පහෙන් හයෙන් ගෙවන්න සියයට 6, 7 පොලියට. එය තමයි ගෙවන්න බැරි වුණේ. මේ අර්බුදයේ කෙටිකාලීන නිර්මාපකයා රනිල් වික්රමසිංහයි. ඒ නිසා රට හැදුවා කියන්න ඔහුට බැහැ. ඩොලර් හිඟයක් ඇති කළේ ඔවුන්. අද රට හැදුවා කියනවා. හැදුණේ ඒ අයයි. රටේ මිනිස්සු අපි දුක් විඳිනවා.
1978න් පසු රනිල් වික්‍රමසිංහලා අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය අප රටේ සියලු නිෂ්පාදන බිඳවැට්ටුවා. එකම අපනයනය වුණේ රටේ කාන්තාව පමණයි. රනිල්ලාගේ මහා සොයාගැනීම එයයි. ඩොලර් උල්පත එය වුණා. මේවා දන්න මිනිසුන්ට රනිල් රට හැදුවා කියන්න පුළුවන්ද? රනිල් වික්රමසිංහලාගේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක යළි අපි කණපිට හරවනවාමයි. අපි නව ආර්ථික ප්‍රතිපත්තියක් සකසනවා. රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ ඔබ මේ රට කෑවා ඇති කරුණාකර 21 වැනිදා පැත්තකට යන්න කියලයි.
1977 පාර්ලිමේන්තුවට ආපු රනිල් දැන් අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ. ඔහු මෙහි සියලු ඉහළ තනතුරු දරා තිබෙනවා. ඔහුගේ ඒ ඉතිහාසය තුළ රට හපයක් බවට පත් කළා පමණයි. මහින්දගේ පාර්ලිමේන්තු කාලය වසර 54ක්. දශක පහමාරක්. ඔවුන් රට හපයක් බවට පත්කළා. අපි කියන්නේ පැරැණි ගෝත්රවාදී, අසාර්ථක, ලෝකයේ නව ප්රවණතාවන් හඳුනා නොගත්, රට ඉදිරියට ගෙන නොගිය පාලකයන්ගෙන් එළඹෙන 21 වැනිදා ජාතික ජන බලවේගය අතට බලය මාරුකර ගත යුතුමයි. අපි අලුත් ගමනකට මුල පුරන්නේ. එහි කොටස්කරුවන් බවට පත්වෙන මෙන් අප රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප,ි අපිට ඡන්දය දෙන ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරනවා. අපට ඡන්දය ලබා දී දශක ගණනාවක් ගියත් එදාට අපි ඡන්දය දුන්නේ මාලිමාවට කියලා කෑගහලා කියන්න පුළුවන් විදියේ පරිසරය අප රට තුළ ගොඩනඟනවාමයි. ඔබ හා අප අතර සම්මුතිය එයයි. ඔබ අප කෙරෙහි තබන බලාපොරොත්තුව විශ්වාසය බිඳින්නවත් හානි වෙන්න ඉඩ තියන්නේ නැහැ. එය ස්ථිරයි. ඒ කාර්යය වෙනුවෙන් 21 වැනිදා හැරවුමේ තීන්දු ගමු. සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගමු.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා :- මං දන්නවා මෙතන ඉන්න හැමෝම මෙතන ඉන්නෙ සතුටින්. එහෙමද? නැද්ද?. සතුටින්. ඉවසිල්ලක් නැතුව ඉන්නවා. මං දැක්කා අනුර දිසානායක සහෝදරයා ආපු වෙලාවේ ඕගොල්ලන්ගේ මුහුණුවල තිබුණු සතුට. අපිට අපේවෙච්ච නායකයෙක් හම්බවෙලා තියෙනවා. අපි හැමදාම වලව්කාරයන්ව නායකයෝ කියලා හිතාගෙන හුඟක් දෙනා ඒගොල්ලන්ට ඡන්දය දුන්නා. අපේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනා මහින්ද රාජපක්ෂට ජයවේවා කියලා කිව්වා. මහින්දට ජය වුණා රට වැටුණා. ඊට පස්සේ රනිල්ට ජය වේවා කියලා කිව්වා. රනිල්ට ජය වුණා රට වැටුණා. දැන් අපිට තියෙනවා පළවැනි වතාවට අපේ කෙනෙක් අපිට හම්බවෙලා තියෙනවා. ඒ නිසා දැක්කම සතුටක් එනවා අපේකම දැනෙනවා. අපේ සුවඳ දැනෙනවා. අපේ හැමෝම බලාපොරොත්තුවෙන අන්න ඒ අසිරිමත් මොහොත තව දවස් දෙකකින් උදා වෙනවා. 21 වැනිදා ඡන්දය තියලා 22 ඡන්ද ප්‍රතිඵල කියනකොට අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති බවට පත් වෙනවා නියතයි.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා :- මුළු ලංකාවේම ජනතාව තීන්දු කරලා ඉවරයි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය. අපි රට කරලා පෙන්වන්නම්. නොවැම්බර් මාසයේ ඡන්දය එනවා. මේ දූෂිතයන්, අපරාධකාරයන් පාර්ලිමේන්තුවෙන් එළවලා රට හදන රට ගොඩනඟන ඇත්ත කැපවීම තියෙන මේ රටට ආදරය කරන මිනිසුන්ගෙන්
ගැහැනුන්ගෙන් මාලිමාවන්ගෙන් මේ අපේ පාර්ලිමේන්තුව පුරවනවා. මේ රටේ ජනතාවගේ ඡන්ද බලයෙන් 6/5 කට එහා ගිය බලයකින් ඒ අලුත් පාර්ලිමේන්තුව හදනවා. අන්න මේ ආණ්ඩුවේ රට හදන පළවැනි වැඩේ. ඒ කැබිනට් එකට ඇමැති මණ්ඩලයට ඇමැතිවරු හැටහුටහමාරක් නැහැ. උපරිම ඇමැතිවරු 25යි. රාජ්‍ය ඇමැතිවරු නැහැ. නියෝජ්‍ය ඇමැතිවරු සමාන්තරව 25යි. විiාත්මක විෂය බෙදීම යටතේ රට හදන මාලිමාවේ ආණ්ඩුව පළවැනි අදියරේදීම අපි මේ අවුරුද්දේ දෙසැම්බර් මුල වෙන කොට පිහිටුවනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික කළුතර දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛi නලින් ද ජයතිස්ස මහතා
“මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය සමග තබා තිබෙන විශ්වාසය අපි සුරකිනවා. ප්රචාරක රැස්වීම්වලින්, මහජන රැස්වීම්වලින් අපි ඉහළින්ම හිටියා.
“මේ රටේ ඕනෑම ක්ෂේත්රයක් හදන්න පුළුවන් අත්දැකීම් තියෙන දේශීය විදේශීය පුහුණුව තියෙන අවංකකම තියෙන ජනතාවට ආදරය කරන මිනිස්සු ඉන්න තැන වෙන කොහේවත් නොවෙයි ජාතික ජන බලවේගය.
“කාටවත් මතකද සජිත් ප්‍රේමදාසගේ තේමා පාඨය මොකක්ද කියලා. අපේ නම් රට අනුරට. මොකක් වුණත් බැරි මරගාතේ හරි රනිල් කියනවනෙ පුළුවන් කියලා. දැන් සජිත් විපක්ෂ නායකයා මතකයිද? කාටවත් මතක නැහැ. එහෙම එකක් නැහැ. තේමාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි සජිත් කියන්නේ මොන තරම් බිය ගුල්ලෙක්ද? කොන්ද පණ නැති කෙනෙක්ද? මුහුණ දෙන්න බැරි වගකීමක්
ගන්න බැරි කෙනෙක්ද කියන එක ඊයෙත් සජිත් ඔප්පු කළා. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා අනුරාධපුරයේ
රැස්වීම කරලා කුරුණෑගල රැස්වීම් 3ක් කරලා මීරිගම රැස්වීම් කරලා යනවා සිරස රූපවාහිනියේ වැඩසටහනට. දැන් මේ රූපවාහිනිවලින් අපේක්ෂකයන්ට එන්න කිව්වා තමන්ගේ අදහස කියන්න. මේක දෙයියනේ විවාදයක් නෙවෙයි. අපි හිතමුකො අනුර කුමාර දිසානායකට බය වෙන එක සාධාරණයි සජිත්. ඒ නිසානේ අර මැයි මාසෙ විවාදයෙන් පැනලාගියේ. අපි දින 8ක් දුන්නා මිනිහට. එයා කිව්වා ඒ දිනවලට බැහැ වැඩ වැඩ වැඩ කියලා. අපි කිව්වා හරි ඔයා දෙන්නකෝ දින කීපයක් අපිට කියලා. එහෙමත් නැතිව හිටියා. ස්වාධීන රූපවාහිනි විවාදයට අපි ලෑස්ති වෙලා ගියා. සජිත් ආවේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. අනුර සහෝදරයා ඔබ දන්නවා අපේ මේ සියලු දේශපාලනය අපේ ප්‍රතිපත්ති. අපේ වැඩපිළිවෙළ. ආර්ථිකය නම් එහෙම. ලෝකෙ දේශපාලනය නම් එහෙම. අධ්‍යාපනය හදන්නේ කොහොමද? සෞඛ්‍ය එහෙම අනුර කුමාර දිසානායක සහෝදරයා ඕන විෂයක් ගැන කොළ කෑල්ලක් අතේ නැතිව කරුණු දත්ත සහිතව හරියටම කියයි. අනුර කුමාරට බයයි කියමුකො සජිත්. ඇයි අප්පා දෙරනේ කළිඳුට බය වෙන්නේ සජිත්. මං කියන්නේ විපක්ෂ නායකයා. ඒ වගේ තරුණ මාධ්‍යවේදියකුට බය වෙන්නේ. පැනලා ගියා. ආවේ නැහැ. සජිත් ප්‍රේමදාසව බලාගන්න හෙට අනිද්දට 21න් පස්සේ මාස 4ක් හොයා
ගන්නත් නැහැ. ඔය සජිත් ප්‍රේමදාසව හොයාගන්නවත් හම්බවෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර මොකාගේ හුඹහට රිංගන්න වගේ එතනට පාඨලී චම්පික සෙට් වෙලා ඉන්නේ. චම්පික දන්නවා සජිත් පැරදුණාම හොයා ගන්නත් නැහැ කියලා. ඒ අල්ල පනල්ලේ චම්පික බලනවා එතනට රිංගලා සජබ නායකත්වය ගන්න පුළුවන්ද කියලා. ඔය චම්පික ආපු එකේ එච්චර දෙයක් නැහැ. ඒ එන්නෙ ඒකට.
ජාතික ජන බලවේගයේ විධායක සභික ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා:- “දැන් සජිත් කතා කරමින් කියනවා අනුර -රනිල් ඩීල් ගැන. අනුර – රනිල් ඩීල් ගැන සජිත්ගේ මුවින් හැම දවසකම පිට වෙනවා. සජිත් කියන දේවල් ගැන එච්චර ගනන් ගන්න දෙයක් නැහැ. අපේ රටේ 10,126ක් පාසල්ටික කෝටිපතියෝ ලෝකය පුරා 10,116කට භාර දෙනවා කියපු හාදයනෙ. මං දැක්කා ඊයේ පෙරේදා මොකක්ද නාලිකාවකට ඇවිල්ලා සජීවී කියලා රංගනයක් කළානේ. ඒක දැන් සජීවී නෙවෙයි පටිගත කරපු එකක් කියලා තහවුරු වෙලා ඉවරයි.
“රනිල් වික්‍රමසිංහ පසුගිය කාලය පුරා මා මිත්‍ර මා මිත්‍ර කිය කියා යනවා. අපේ අනුර සහෝදරයා මොන මිත්‍රකම් කිව්වත් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ගේනවා. එයාගෙන් කටඋත්තර ගන්නවා. ඒ කටඋත්තරය හරහා එනවා මහ බැංකු හොරකමට උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තමයි අනුර සහෝදරයා කියලා තියෙන්නේ. අපි ළඟ ඩීල් නැහැ. මේ වේදිකාවේ ඉන්න කිසිම කෙනකුට අනුර සහෝදරයාට බේරාගන්න දෙයක් නැහැ. මෙතන වංචනිකයෝ, දූෂිතයෝ නැහැ. පස් ජාවාරම්කාරයෝ නැහැ. කුඩු ජාවාරම්කාරයෝ නැහැ.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කැලණිය විශ්වවිiාලයේ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය
“සෑම ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් බඩගින්නේ. අම්මා ළඟට ඇවිත් දරුවා අඬනවා. මේ තමයි කාන්තාවන්ගේ සුරක්ෂිතම වේදිකාව. කාන්තාවගේ ශ්රමයට, ඒ කාන්තාවගේ ශ්‍රමයේ අයිතියට සුරක්ෂිත ආර්ථික වටිනාකමක් ලබාදෙන්න අපි වැඩපිළිවෙළ හරිගස්සලා තියෙනවා. අනුර කුමාර සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති වෙනවා.
හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා
අපි පොඩි මිනිස්සු. පැත්තකට වෙලා හිටපු මිනිස්සු. මේ රටේ වෙන දේවල් බලන් ඉන්න බැරිකමටයි මේ දේශපාලන වේදිකාවට ගොඩවුණේ. ඔබ, මම, අපි හැමෝම එකතැනකට ඇවිත් ඉන්නේ මේ රට ලස්සන රටක් කරන්න. සමෘද්ධිමත් රටක් කරන්න. ඒකටයි මේ හැමෝම ඇවිත් ඉන්නේ. සියලු දෙනාගේම බලාපොරොත්තුව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය. අපිට දවස් දෙක තුනක් තියෙනවා.