ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ සභාපති ධුරය ලබා දෙයි

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා එම ධුරයේ වැඩ භාර ගෙන තිබෙනවා.

ඒ ජාතික පුස්තකාල පරිශ්‍රයේදීයි.

විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පත් 20වැනි සභාපතිවරයා වේ.

අද (16) පෙරවරුවේදී නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් 06 දෙනා වෙත බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසිනුයි අමාත්‍යංශ පරිශ්‍රයේදී පත්වීම් ලිපි භාර දෙනු ලැබුවේ.

එම මණ්ඩලයට පත් අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් පහත පරිදි වේ.

01.සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය
02.අබ්දුල් රසාක් අබ්දුල් කරීම් මහතා
03.සිවසාමි රාජසිංහම් මහතා
04.ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය
05.ආචාර්ය ආනන්ද තිස්ස මහතා
06.පී. හේමචන්ද්‍ර මහතා 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *