මහින්ද රාජපක්‍ෂ, චන්‍ද්‍රිකා බණ්ඩාරනායක, මෛත්‍රිපාල සිරිසේන ඇතුළු නායකයන් නිල නිවෙස්වලින් යැව්වා කියලා ඔවුන්ගේ නාමය නැති කරන්න බැහැ.
චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගලාගේ පරපුර තමන්ගේ ඉඩම් අක්කර දහස් ගණනක් රජයට දුන්නා. මහින්ද රාජපක්‍ෂ රටට කළ සේවය ජනතාව දන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ පාර්ලිමේන්තුවේදී කීවේය.