කාන්තා දිනයට බස්වලින් සෙනඟ ඇද්ඳා. ඒකයි තෙල් ඉවර වුණේ – චන්න ජයසුමන කියයි

රජයේ අදූරදර්ශී තීරණ හේතුවෙන් රට යළිත් බරපතළ බලශක්ති අර්බුදයකට තල්ලු වෙමින් පවතින බව පවසමින් හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා රජයට දැඩි චෝදනාවක් එල්ල කරයි.

වත්මන් රජය පවතින්නේ නොසැලකිලිමත්කම, නොදැනුවත්කම සහ උද්දච්චකම යන කුළුණු තුන මත බවත්, දිට්වා (Ditwa) සුළි කුණාටුව පැමිණි අවස්ථාවේදී මෙම වැරදි නිවැරදි කර ගැනීමට තිබූ අවස්ථාව රජය මගහැර ගත් බවත් ඔහු පවසයි.

පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබියදී, ඉන් දින කිහිපයකට පසු එළඹුණු මාර්තු 8 කාන්තා දින සැමරුම වෙනුවෙන් බස් රථ සිය ගණනකින් ජනතාව කොළඹට ගෙන්වා විශාල ඉන්ධන ප්‍රමාණයක් සහ මුදලක් නාස්ති කළ බවට ඔහු චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *