හදිසි ගංවතුර ආධාර ලෙස චීනය ලක්ෂ 300ක් දෙයි

පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොංග් (Qi Zhenhong) මහතා විසින් ජනාධිපතිවරයා ලෙස මා වෙත නිල වශයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී භාර දුන්නේය.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද, ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි තත්ත්වවලට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳව ද මෙම අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *