ක්ලීන් ශ්‍රී ලංකා යටතේ පාසල් ප්‍රතිසංස්කරණයට යුද හමුදාවේ 14,500ක් යොදවයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මගින් පාසල් 1000ක ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදාවේ 14,500ක භට පිරිසක් යොදවා ඇතැයි යුද හමුදා මූලස්ථානය පවසයි.

දිවයින පුරා තෝරාගත් පාසල් 1000ක ප්‍රමාණය යුද හමුදා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ ශ්‍රම දායකත්වයෙන් ඉකුත් පෙබරවාරි 20 දින සිට 2025 මාර්තු 17 දක්වා පාසල් 496ක් ප්‍රතිසංස්කරණය කර අවසන් බවද හමුදා මූලස්ථානය පවසයි.

තවද මේ යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යව තිබූ පාසල් ගොඩනැඟිලි 300 පමණ වහල අලුත්වැඩියා කිරීම හා විනාශවී ගිය වැට මායිම් සකස් කිරීම, පාසල් වෙත පිවිසුම් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබූ ඩෙස්ක් පුටු 5500ක් පමණ ද අලුත්වැඩියා කර ඇත.

පාසල් ආශ්‍රිත ප්‍රදේශවාසීන්, පාසල් කාර්යමණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙමාපියන්ගේ සහාය ද මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *