2009 වසරේ සිට මේ දක්වා සිදු කර තිබෙන සියලු ගල් අගුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම ඊයේ සිට සිය වැඩකටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
මෙම කොමිසම දැනට සේවයේ නියුතු විනිශ්චයකාරවරු තිදෙනෙකුගෙන් සමන්විතය.
කොමිසමේ සභාපතී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් දරනු ලබයි.
අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වන්නේ, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන අය විසින් දරනු ලබයි.
මෙම කොමිසමේ කාර්යාලය අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා තිබේ.