ගුවනින් යාපනයට යන අභ්‍යන්තර ගුවන් සේවය කොළඹින් ඇරඹෙයි – ගාස්තුවත් දැනුම් දෙයි

කොළඹ සිට යාපනය අතර සෘජු අභ්‍යන්තර ගුවන්ගමන් යළි අරඹන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

එහි කළමානාකරණ අධ්‍යක්ෂ නලින් පෙරේරා පැවසුවේ ත්‍රිකුණාමලය සහ මඩකළපුව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

“අපිට අත්‍යාවශ්‍යම දෙයක් වුණේ අපේ අභ්‍යන්තර ගුවන් සේවා සම්බන්ධතාවය පවත්වාගෙන යාම. මට සතුටුයි කියන්න, අප අද (14) සිට කොළඹ රත්මලාන සිට යාපනය සෘජු ගුවන් ගමන් යළි අරඹනවා. ඒ වගේම ත්‍රිකුණාමලය සහ මඩකළපුව දක්වාත් රත්මලානේ සිට ගුවන් ගමන් ආරම්භ කරනවා. මෙම ගුවන්යානා මෙහෙයුම් සිදුකරන්නේ DP ඒවියේෂන් විසින්. බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල ඔවුන් රත්මලාන සිට යාපනයට පියාසර කරනවා. ඉතා නාමික ගාස්තුවක් තමයි මේ සඳහා අයකරනු ලබන්නේ. මෙම ඕනෑම ගමනාන්තයක් වෙත යාමට පමණක් ගාස්තුව රු. 30,000 ක් වෙනවා. ඒ වගේම නැවත ආපසු ඒම ද ඇතුළත් ගාස්තුව රු. 58,500 ක්.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *