පරීක්ෂා කිරීමක් සඳහා පිටකොටුවේ ඡංගම දුරකතන අලෙවිසැලකට පැමිණි පොලිස් නිලධාරීන් එම වෙළඳසැලේ ජංගම දුරකතන සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බවට එහි වෙළඳසැල් හිමිකරු චෝදනා කරනවා.
කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස්රථ නැවතුම්පොළේ ඡංගම දුරකතන අලුත්වැඩියා අලෙවිසැලකට කොටුව පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු පසුගිය වසරේ නොවැම්බර් මස 24 වනදා පැමිණ තිබෙනවා.
ඒ, එම අලෙවිසැලේ සොරාගන්නා ලද ඡංගම දුරකතන ඇති බැවින් ඒවා පරීක්ෂා කිරීම සඳහායි.
එම අවස්ථාවේ අලෙවිසැලේ තිබී සොරා ගන්නා ලද ඡංගම දුරකතන සොයාගෙන තිබෙනවා.
අලෙවිසැල් හිමිකරු පවසන්නේ තමන් ඒ පිළිබඳව කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි.
එහිදී එක් පොලිස් නිලධාරියෙකු රුපියල් ලක්ෂ 02කට ආසන්න මුදලක් සොරකම් කරන ආකාරය වෙළඳසැලේ සී.සී.ටී.වී දර්ශනවල පටිගත වී තිබූ බවටයි වෙළදසැලේ හිමිකරු කියා සිටියේ.
මේ අතර, වේරහැර ප්රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණි පොලිස් නිලධාරියෙකු එහි තිබූ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වනවා.
අදාළ පොලිස් නිලධාරීයා භාණ්ඩ සොරා ගන්නා ආකාරය සී.සී.ටී.වී දර්ශනවල ද පටිගත වී ඇති අතර සොරකමට සම්බන්ධ පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.