වසරකුත් මාස එකොළහක් ඇතුළත හදවත් සැත්කම් සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සංඛ්‍යාව (400) හාරසියයකි.
ඒසේම වසර දෙකත් තුනත් අතර කාලයකට රෝගීන් හත්සිය පනස්හය දෙනකුත් (756), වසර තුනක කාලයක් සඳහා රෝගීන් හයසිය දෙනකුත් (600) වසර හතරක කාලයක් සඳහා පොරොත්තු ලේඛනයේ රෝගීන් දෙදහස් හාරසියයක් (2400) සිටියි.
නිසි ක්‍රමවේදය යටතේ මෙම රෝගීන්ට ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන විට ඇතැම් රෝගීන් මිය ගොස් සිටීමට වැඩි සම්භාවිතාවක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මේ සම්බන්ධව ඊයේ (08වැනිදා) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේය.
මෙම තත්ත්වය මත බොහෝ විට පෞද්ගලික අංශයන් ලවා ඉතා වැඩි මිලකට පෙලඹෙන රජය තෝරාගත් විශේෂ ශල්‍යකර්ම පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ට රජයේ ආධාර යටතේ පෞද්ගලික අංශයෙන් ශල්‍යකර්ම සිදුකරවා ගැනීමට භාණ්ඩාගාර සහාය ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි.
එසේ නැතහොත් විශේෂ රෝග සඳහා බල පැවැත්වෙන පරිදි වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ජනතාවට හඳුන්වාදීම ඉදිරියේදී අත්‍යවශ්‍ය විය හැකි බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය