ඇව­න්ගාඩ් සමා­ග­ම රක්නා ලංකා සමා­ග­මට ගෙවන්න ඇති ඩොලර් ලක්ෂ 3.3ක මුදල වහා අය කරගන්න – කෝප් ­ක­මි­ටු­වෙන් නියෝග

ඇව­න්ගාඩ් සමා­ගම විසින් රක්නා ලංකා සමා­ග­මට ඩොලර් තුන්ලක්ෂ තිස්ද­හ­ස­කට අධික මුද­ලක් ගෙවී­මට ඇති බවත් එම මුදල වහා අය කර ගැනී­මට අවශ්‍ය ක්‍රියා­මාර්ග ගන්නා ලෙසත් පොදු ව්‍යපාර පිළි­බඳ පාර්ලි­මේන්තු කාරක සභාවේ අනු­කා­රක සභා සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී අසිත නිරෝ­ෂණ එගො­ඩ­වි­තාන මහතා රක්නා ලංකා සමා­ගමේ බල­ධා­රින්ට උප­දෙස් ලබාදී ඇත. අදාළ සමා­ගම විසින් මුදල නොගෙ­ව­න්නේ­නම් අදාළ බල­ධා­රීන් සමඟ සාකච්ඡා කර නීති­මය පිය­වර ගැනී­මට කට­යුතු කරන ලෙස ද අනු කමිටු සභා­ප­ති­ව­රයා නියෝග කර ඇත.

ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් ආර­ක්ෂක අමා­ත්‍යංශ බල­ධා­රීන් දැනු­වත් කර ඇති අතර අවශ්‍ය කඩි­නම් පිය­වර ගන්නා බව ද රක්නා ලංකා සමා­ගමේ බල­ධා­රීන් කාරක සභාව වෙත දැනුම් දී තිබේ. පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාවේ අනු කාරක සභාව එහි සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී අසිත නිරෝ­ෂණ එගො­ඩ­වි­තාන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී පසු­ගි­යදා රැස්වූ අතර එහිදී මේ බව අනා­ව­ර­ණය වී ඇත.

රක්නා අර­ක්ෂක ලංකා ලිමි­ටඩ් (RALL) ආය­ත­නය එහි මෙහෙ­යුම් සහ ඇව­න්ගාඩ් සමා­ගම සමඟ පව­තින දීර්ඝ­කා­ලීන හවුල් ව්‍යාපාර ගිවි­සුම පිළි­බඳ තොර­තුරු ලබා­දීම සඳහා කෝප් අනු­කා­රක සභාව හමු­වට කැඳවූ අව­ස්ථා­වේදී මෙම තොර­තුරු අනා­ව­ර­ණය විය. මුහුදු ආර­ක්ෂක කට­යුතු පව­ත්වා­ගෙන යෑම වෙනු­වෙන් නාවික හමු­දාව, රක්නා ලංකා සමා­ගම හා ඇව­න්ගාඩ් සමා­ගම විවිධ වක­වා­නු­ව­ලදී ගිවි­සුම් ගතව කට­යුතු කර ඇති අතර, මෙහිදී ආදා­ය­මෙන් සිය­යට අසූ­වක ආදා­ය­මක් ලබා­ඇත්තේ ඇව­න්ගාඩ් සමා­ගම බව ද රක්නා ලංකා සමා­ගමේ බල­ධා­රීහු කාරක සභාව හමුවේ අනා­ව­ර­ණය කළහ.

කාරක සභාව ඇමතූ රක්නා ආර­ක්ෂක ලංකා ලිමි­ටඩ්හි සභා­පති, විශ්‍රා­මික බ්‍රිගේ­ඩි­යර් ජූඩ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩ­පි­ළි­වෙළ ආරම්භ කිරී­මට වත්මන් කළ­ම­නා­කා­රී­ත්වය වග­කිව යුතු නොවන බවයි. පූර්ව නිල­ධා­රීන් විසින් අත්සන් කරන ලද හවුල් ව්‍යාපාර ගිවි­සුම තව­දු­ර­ටත් බල­පැ­වැ­ත්වෙන බව ද හෙතෙම පැව­සීය.

ශ්‍රී ලංකා මුහුදු තීරය හරහා ගමන් කරන නැව්වල ඇති ගිනි­අවි, අන්ත­ර්ජා­තික රෙගු­ලාසි නිසා ගොඩ­බි­මට ගෙන ඒමට නොහැකි බැවින්, ගාල්ල වරා­යෙන් බාගෙන පාවෙන ගිනි­අවි ගබ­ඩා­වල තැන්පත් කරන බව සභා­ප­ති­ව­රයා පැහැ­දිලි කළේය. ඒ අනුව අනුව ගිනි­අවි තුනක් ගබඩා කිරීම සඳහා ඩොලර් 1,800 ක පමණ මුද­ලක් අය කෙරෙන අතර, එම ගිනි­අවි නැවත ලබා­දී­මේදී තවත් ඩොලර් 1,800 ක මුද­ලක් අය කරන බව ද හෙතෙම පැව­සීය.

හවුල් ව්‍යාපාර ගිවි­සුම යටතේ ලාභ­යෙන් 80% ක් පෞද්ග­ලික සමා­ගම වෙත වෙන්කර ඇති අතර, ඉතිරි 20% සිය­යට පහ­ළො­වක් ශ්‍රී ලංකා නාවික හමු­දා­ව­ටත් සිය­යට පහක් රක්නා ලංකා සමා­ගම අතර බෙදී ගොස් ඇත.

මෙහෙ­යුමේ ලාභ­දා­යී­ත්වය පිළි­බ­ඳව කෝප් අනු­කා­රක සභාවේ සභා­පති අසිත නිරෝ­ෂන එගො­ඩ­වි­තාන මහතා මතු­කළ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ජූඩ් ප්‍රනාන්දු මහතා පැව­සුවේ, එය දැනට මස­කට ඩොලර් 400,000 ක පමණ ආදා­ය­මක් උප­යන අතර, එම මුද­ලින් 80% ක්ම අදාළ පෞද්ග­ලික ආය­ත­න­යට හිමි­වන බවයි.

ඇව­න්ගාඩ් සමා­ගම සමඟ ඇති ගිවි­සුම අත්හි­ටු­වී­මට නීති­මය බාධා තිබේ­දැයි විමසූ විට ඔහු පැව­සුවේ ගිවි­සුම 2027 දක්වා වලංගු වන බැවින් නීති­මය බාධා පව­තින බවයි. මෙම වැඩ­පි­ළි­වෙ­ළට අනු­මැ­තිය දුන්නේ කවු­රු­න්දැයි කෝප් කාරක සභා මන්ත්‍රී ප්‍රගීත් මධු­රංග ප්‍රශ්න කළේය. ඊට පිළි­තුරු දෙමින් රක්නා අර­ක්ෂක ලංකා ලිමි­ටඩ්හි නීති ප්‍රධානි හිමාෂා මුණ­සිංහ පැව­සුවේ 2009 වස­රේදී ආරම්භ කරන ලද මෙම වැඩ­පි­ළි­වෙළ සඳහා කැබි­නට් අනු­මැ­තිය ලැබී ඇති බවට කිසිදු සාක්ෂි­යක් නොමැති බවයි. මෙම කරුණ පාලක මණ්ඩල මට්ටමේ තීර­ණ­යක් පම­ණක් නොව ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ විෂය පථ­යට අයත් වන්නක් බව ද ඇය වැඩි­දු­ර­ටත් පැව­සු­වාය.

අනු කමි­ටුවේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රි අසිත නිරෝ­ෂණ එගො­ඩ­වි­තාන මහතා,

“රක්නා ලංකා ආය­ත­නය ප්‍රධාන සේවා පහක් යටතේ ක්‍රියා­ත්මක වෙනවා. දැන් සාමා­න්‍ය­යෙන් මුදල් වර්ෂය පටන් ගන්නේ අප්‍රේල් 01 වැනිදා. ආය­ත­නයේ සැල­සුම් වෙනු­වෙන් අමා­ත්‍යාං­ශ­යට යොමු­කර අවශ්‍ය අනු­මැ­තින් ලබා­ගත යුතුයි. නමුත් ඒ වෙනු­වෙන් යම් ප්‍රමා­ද­යක් සිදුව තිබෙ­නවා. මීට කලින් වස­ර­වල අනු­මැ­ති­යක් අරන් තිබෙ­නව ද?“

පිළි­තුර,

“ඔව්. අරන් තිබෙ­නවා. මෙවර යම් ප්‍රමා­ද­යක් සිදුව තිබෙ­නවා.“

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“මම ඇත්ත­ටම 2024 වර්ෂයේ භාර­ගත්තේ. ඒ වෙන­කොට අව­සන් කර තිබුණේ 2020 /2021මුදල් වර්ෂයි. එත­කොට මට සිදු වුණා, ඒ ඇරි­යස් එක කවර් කර මේක අව­සන් කරන්න. පසු­ගිය වසර කිහි­ප­යම හදලා අව­සන් කර­න්නට මට සිදු වුණා. ඒ ප්‍රමාද දෝෂ­යක් සිදුව තිබුණා. ඒක අව­සන් කළා.වේග­යෙන් අපි එය අව­සන් කර තිබෙ­නවා.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“මෙම ආය­ත­නය ආරම්භ කරන්නේ මොන අවු­රු­ද්දෙද?“

රක්නා ලංකා සභා­ප­ති­ව­රයා:

“2008 වස­ර්ෂ­යේදී.”

කමිටු සභා­ප­ති­ව­රයා,

“මෙම ආය­ත­නය ආරම්භ කිරීමේ අව­ශ්‍ය­තාව මොකක්ද? එය ආරම්භ කිරීම වෙනු­වෙන් යෝජ­නාව එන්නෙ කොහෙන්ද?“

නීති නිල­ධා­රි­නිය:

“2006 වර්ෂ­යේදී කැබි­නට් අනු­මැ­ති­යක් යටතේ මෙම ආය­ත­නය ආරම්භ කර තිබෙ­නවා. ප්‍රමුඛ ආර­ක්ෂක සමා­ගම ලෙස. ඉන් පසුව තමයි රක්නා ලංකා ආර­ක්ෂක සමා­ගම නමින් නම වෙනස් වෙන්නේ.”

කමිටු සභා­ප­ති­ව­රයා,

“කවදා ද සමා­ගමේ නම වෙනස් වන්නේ? ආය­ත­නය ආරම්භ කිරීමේ අර­මුණ මොකක්ද?”

නීති නිල­ධා­රි­නිය:

“2007 වර්ෂ­යේදී. ආර­ක්ෂක සේවාව සැප­යීම වෙනු­වෙන් වන සමා­ග­මක් ලෙසයි මෙය ආරම්භ කරන්නේ. මම දන්න විදි­හට මහා භාණ්ඩා­ගා­ර­යට ප්‍රස­න්ටේ­ෂන් එකක් සිදු­කර තිබෙ­නවා, ත්‍රිවිධ හමු­දා­ව­න්ගෙන් විශ්‍රාම ගන්නා සෙබ­ළුන්ට විශාල කාල­යක් ඉතිරි වෙන­වනේ ඒ අයගේ විශ්‍රාම ගැනී­මෙන් පසු­වත්. අවු­රුදු හැට කියන කාල­යට පෙර ඒ අය විශ්‍රාම යන­වනේ. ඒ අයට රැකියා ලබා­දීමේ ප්‍රමු­ඛ­තා­ව­යෙන් තමයි මෙම සමා­ගම පිහි­ටු­වන්නේ 2006දී . ප්‍රධාන වශ­යෙන් ආර­ක්ෂාව සැප­යීම තමයි මෙහි අර­මුණ.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“ඒකද ප්‍රධාන අර­මුණ”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“අවු­රුදු 18 න් යුද හමු­දා­වට එකතු වන සොල්දු­දා­වෙක් සිය සේවා කාලය සම්පූර්ණ කර අවු­රුදු 42 වන­විට විශ්‍රාම යෑමේ හැකි­යාව ලැබෙ­නවා. ඒ වගේ තරුණ අය සමා­ජය තුළ නිකං තියන්න ඕනේ නැහැ කියලා තමයි මේ ආය­ත­නය ආරම්භ කර තිබෙන්නේ. ඒ අයට ආර­ක්ෂාව පිළි­බ­ඳව දැනුම වැඩියි. අත්දැ­කීම් වැඩියි. ඒ නිසා මුලින් ලෑන්ඩ් සිකි­යු­රිටි කියන අපගේ ආය­ත­නය තමයි ආරම්භ කර තිබෙන්නේ.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“ලෑන්ඩ් සිකි­යු­රිටි පැත්තෙන් ආදා­යම් ලැබු­වට ලාභ ලබන්නේ මෙරි­ට­යිම්

සිකි­යු­රි­ටි­ව­ලින් කියා ඉදි­රි­පත් කළ වාර්තාව තුළින් සඳ­හන් වුණා. ඒක වෙන්නේ කොහො­මද? කියා පැහැ­දිලි කරන්න.”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“අපි ප්‍රධාන වශ­යෙන් අපගේ ත්‍රිවිධ හමු­දාවේ විශ්‍රාම ගිය අය මුහුදේ තිබෙන නැව්වල ආර­ක්ෂාව වෙනු­වෙන් සප­ය­නවා. ඒ අය ආයු­ධත් එක්ක සැප­යු­වාම අපට වෙනම ගාණක් ගෙව­නවා. ඒ අයට කියන්නේ සී මාර්ෂල් කියලා. සී මාර්ෂල් කෙනෙක් සැප­යු­වාම ගෙවි­මක් කර­නවා. ඩොල­ර්ස්ව­ලින් තමයි ගෙවීම් කරන්නේ. ඒ නිසා තමයි අපගේ මෙරි­ට­යිම් එකේ ආදා­යම් වැඩි. අපි ඒක තවම කර­ගෙන යනවා.”

කමිටු සභා­ප­ති­ව­රයා,

“දැනට සී මාර්ෂ­ල්වරු කී දෙනෙක් සිටි­නව ද?”

* රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“සාමා­න්‍ය‍ෙ­යන් වර­කට ගත්තොත් 350ක් විතර හැම තිස්සෙම නැව්වල ඉන්නවා අපේ අය .ඒවා­යින් තමා අපේ මෙරි­ට­යිම් ආදා­යම ලැබෙන්නේ. අපි පඩි ගෙව­නවා ඒ අයට. ඒ අය අපි ආර­ක්ෂක රාජ­කා­රි­යට යොද­ව­නවා.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“2007 වසරේ සිට ආය­ත­නය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වාම සී මාර්ෂ­ල්වරු රක්නා ලංකා සමා­ග­මෙන් සපයා තිබෙ­නව ද?”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“ඔව්. රක්නා ලංකා සමා­ග­මෙන් සපයා තිබෙ­නවා. මෙහෙම එකක් තිබෙ­නවා. සභා­ප­ති­තු­මනි, අපි ඇව­න්ගාඩ් කියන සමා­ග­මත් එක්ක ජොන්න්ට් වෙන්චර් එකක් අත්සන් කරලා , අපි කිව්වට හිටපු අය. ඒ ජොයින්ට් වෙන්චර් එක තවම තිබෙ­නවා. ඒක අත්සන් කරලා ප්‍රධා­නම එකක් කරලා තිබෙ­නවා. මුහුදේ තිබෙන නෞකා ලංකාව හරහා යද්දි ගාල්ල වරායේ තමයි, ඒගොල්ලො ගොඩ­බ­හි­න­කොට ජාත්‍ය­න්තර නීති­යක් තිබෙ­නවා. වෙන රට­වල ආයුධ අපේ රටට ගේන්න බැහැ කියලා. නාවික හමුදා කඳ­වුරේ අපි තැන්පත් කර­නවා ඒවා. ඒ තැන්පත් කිරී­මට යම් මුද­ලක් ගන්නවා. ඩොලර් 1800ක වගේ මුද­ලක් අය කර­නවා ආයුධ තුනක් වගේ තැන්පත් කර­න්නට. ඒ අවි තුන නැවත ලබා දෙන්නත් ඩොලර් 1800ක් ගන්නවා. ඒ කාලේ තිබුණ ගණන්. ඒක තමයි අපගේ ප්‍රධා­නම ආදා­යම් මාර්ගය වෙලා තිබු‍ෙණ්. නමුත් ජොයින්ට් වෙන්ඩර් එකක් කරලා ඒකේ ලාභය සිය­යට අසූ­වක් අර පෞද්ග­ලික සමා­ග­මක් තමයි අරන් තිබුණේ.”

කමිටු සභා­ප­ති­ව­රයා

“සිය­යට අසූ­වයි දශම හතයි පහක් ද?”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“නැහැ. සිය­යට අසූ­වයි. ඉතිරි සිය­යට විස්සෙන් පහ­ළො­වක් නාවික හමු­දා­වට. පහක් අපට.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“ඒක කොතැ­නදි ද ඕගො­ල්ලන්ට අහිමි වෙන්නේ? මොන අවු­රු­ද්දෙද?”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

ඒක සභා­ප­ති­තු­මනි, මේ රජය ආපු ගමන් අපි පටන් ගන්නවා, රජයේ ප්‍රති­ප­ත්තිය අනුව නැහැ. එහෙම රජ­යට ලැබිය යුතු ආදා­ය­මක් පෞද්ග­ලික සමා­ග­ම­කට ලබා­දෙන්න බැහැ කියලා. ජොයින්ට් වෙන්චර් එක තිබෙන කොටත් ඒක නාවික හමු­දා­වට භාර දිලා දැන් ඒක සිය­යට සිය­යක් ආදා­යම රජයේ මහා භාණ්ඩා­ගා­ර­යට යන්නෙ.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“2025 වර්ෂ­යේදී එහි ලාභය කොප­ම­ණද?”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“සාමාන්‍ය වශ­යෙන් ගත්තොත් මාස­ය­කට ඩොලර් ලක්ෂ හත­රක ආදා­ය­මක් උප­ය­නවා. ඒකෙන් සිය­යට අසූ­වක්ම ගිහින් තිබුණේ පෞද්ග­ලික සමා­ග­ම­කට. ඒ නිසා රජය ප්‍රති­ප­ති­ති­මය තීර­ණ­යක් ගත්තා වහාම එය නතර කරන්න. ඒ අනුව එම කට­යුතු දැන් නාවික හමු­දා­වට භාර දී තිබෙ­නවා. දැන් සිය­යට සිය­යක්ම එහි ආදා­යම මභා භාණ්ඩා­ගා­ර­යට යන්න පටන් අරන් තිබෙ­නවා. අපට ලොකු පාඩු­වක් වෙලා නැහැ. ඒ කාලයේ කර­න­කො­ටත් සිය­යට පහයි අපේ සමා­ග­මට ලැබි තිබෙන්නේ. ඒ අනුව අපට ඒ සිය­යට පහ විත­රයි නැති වෙලා තිබෙන්නෙ. ගාල්ලේ අවි තැන්පත් කරන රාජ­කා­රියේ. නමුත් ඒක නැති වුණාට මුහුදු ආර­ක්ෂාව සැප­යීම වෙනු­වෙන් ආර­ක්ෂ­ක­යන්ට අවි දීලා, ආර­ක්ෂාව සැප­යීමේ කට­යුතු කර­ගෙන යනවා. ඒ නිසා අපේ ආදා­ය­මට ලොකු පාඩු­වක් වෙලා නැහැ ඒක.”

කමිටු සභා­ප­ති­ව­රයා,

2007 සිට ඔබ ඒ කාර්ය­භා­රය කරලා කොතැ­න­දිද එය අහිමි වෙන්නේ.කොතැ­නදි ද ඇව­න්ගාඩ් එකට දෙන්නේ.“

රක්නා ලංකා සමා­ගමේ නිල­ධා­රි­යකු,

“මේ විදි­හට වෙලා තිබෙන්නේ 2009-09-25 සිට 2012-10-14 වන තෙක් නේවි එකෙන් කරලා තිබෙ­නවා. ඉන්ප­සුව 2012-10-15 සිට 2015-11-30 වන­තෙක් රක්නා ලංකා ආය­ත­න­යයි, ඇව­න්ගාඩ් ආය­ත­න­යයි ජොයින්ට් වෙන්චර් එකක් ලෙස ක්‍රියා­ත්මක කර තිබෙ­නවා.නැවත 2015-11 -13 සිට 2021-09-10 දක්වා නාවික හමු­දාව විසින් සිදු­කර තිබෙ­නවා. 2021-06-17 සිට රක්නා ලංකා ආර­ක්ෂක සමා­ගම හා ඇව­න්ගාඩ් එකයි ජොයින්ට් වෙන්චර් එකක් ලෙස ක්‍රියා­ත්මක කර තිබෙ­නවා. ඒ විදි­හට තමයි සිදුව තිබෙන්නේ. ඒ වගේම ගිය අවු­රුද්දේ නොවැ­ම්බර් 28 වැනිදා නාවික හමු­දා­වට නැවත භාර දී තිබෙන්නෙ.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“එත­කොට ඕගො­ල්ලන්ට සිය­යට පහක ආදා­යම තවම ලැබෙ­නව ද?”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා,

“ඒක දැන් එන්නෙ නැහැ. මොකද නොවැ­ම්බර් සිට නාවික හමු­දා­වෙන් සම්පූ­ර්ණ­යෙන්ම කරන්නේ. අපට ඒ අයත් එක්ක බද්ද ගිවි­සුම තවම තිබෙ­නවා. නමුත් අපට ඒක කරන්න බැහැ . නාවික හමු­දා­වට ඒක භාර දෙන්න කියලා තිබෙන්නේ. අපේ ඉන්න ස්ටාෆ් එකත් අර­ගෙන .ඇව­න්ගාඩ් පෞද්ග­ලික සමා­ගමේ ස්ටාෆ් එකත් එතැ­නින් ඉව­ත්වෙලා තිබෙ­නවා.”

කමිටු සභා­ප­ති­ව­රයා,

ඇව­න්ගාඩ් සමා­ග­මත් එක්ක තිබෙන ගිවි­සුම අව­සන් කරන්න මොන­ව­හරි නීති­මය බාධා­වන් තිබෙ­නව ද?

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

නීති­මය බාධා­වක් තිබෙ­නවා. මොකද අපි ඒ අය සමඟ ගිවි­සුම අත්සන් කර තිබෙන්නේ 2027 දක්වා. අපි නීති අංශ මේ ගැන අධ්‍ය­ය­නය කර­මින් සිටි­නවා. කොහොම වුණත් මේ වෙන­කොට එය සස්පෙ­න්ෂන් වෙලයි තිබෙන්නේ. නව­ත්වලා වගේ තමයි. අපි ඒකට උනන්දු කරන්නේ නැහැ.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“ඔය අංශයේ පසු­ගිය වසරේ සම්පූර්ණ ආදා­යම කොප­මණ ද?“

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“මට හරි­ය­ටම ආදා­යම මතක නැහැ. නමුත් ඩොලර් ලක්ෂ හත­රක් මාසි­කව ආදා­ය­මක් ලැබුණා.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“ඒ කියන්නේ සිය­යට අසූ­වක ආදා­ය­මක් මීට පෙර ගියේ ඇව­න්ගාඩ් එකට.“

පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධු­රංග මහතා:

“මෙය ආර­ම්භයෙ සිටම නාවික හමු­දාව, රක්නා ලංකා සමා­ගම එක්ව කර­ගෙන යනවා. අත­ර­මැ­දදි පෞද්ග­ලික සමා­ග­මක් මෙතැන්ට එනවා. රාජ්‍ය ආය­තන දෙකක් කර­ගෙන යන ව්‍යාපා­ර­ය­කට පෞද්ග­ලික සමා­ග­මක් එන එක සම්බ­න්ධ­යෙන් තීර­ණය අරන් තිබෙන්නේ කවුද? හේතුව මොකක්ද?”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා,

“අපට පේන්න තිබෙන විදි­හට එව­කට රජයේ උප­දෙස් මත එව­කට හිටපු අධ්‍යක්ෂ මණ්ඩ­ල­යේත් අනු­මැ­තිය අර­ගෙන එම තීර­ණය අරන් තිබෙ­නවා.“

පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධු­රංග මහතා:

“අධ්‍යක්ෂ මණ්ඩල තීන්දු­වල ඒ පිළි­බ­ඳව වාර්තා වෙනවා ද?

නීති නිල­ධා­රි­නිය:

“2021 සිට 2028 දක්වා ගිවි­සුම දීර්ඝ කිරීම නම් අමාත්‍ය මණ්ඩල අනු­මැ­ති­ය­කින් සිදුව තිබෙන්නේ. 2009 සිට ක්‍රියා­ත්මක වූ ගිවි­සු­ම්ව­ලට අමාත්‍ය මණ්ඩල අනු­මැ­තිය ලැබුණු බවක් පෙනෙ­න්නට නැහැ. අධ්‍යක්ෂ මණ්ඩල අනු­මැ­ති­ය­කට වඩා ආර­ක්ෂක අමා­ත්‍යාංශ ගයිඩ් ලයින් එකක්. අධ්‍යක්ෂ මණ්ඩල අනු­මැ­තීන් කියලා දෙන්න මට ඩොකි­යු­මන්ට් එකක් නැහැ.”

කමිටු සභා­පති:

“ඒ කියන්නේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යෙන් එන තීර­ණය අධ්‍යක්ෂ මණ්ඩ­ලය ඇතුළේ සාකච්ඡා කරලා අනු­මැ­ති­ය­කින් තොරව තමයි ක්‍රියා­ත්මක කර තිබෙන්නේ. ඕගො­ල්ලන්ගේ ප්ලෑන්ස්ව­ලට අනු­වනේ යන්න ඕන. නමුත් මේක සිදු වුණ විදිහ අපට හිතා­ගන්න පුළු­වන්. ඒ වගේම රක්නා ලංකා ඕගො­ල්ලන්ගේ භාරයේ හරි , ඇව­න්ගාඩ් භාරයේ හරි තිබෙන ආයුධ සම්බ­න්ධ­යෙන් ගැටලු ගණ­නා­වක් මතුව තිබුණා. ඒවා දැන් අව­සන් ද?”

* රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“සම­හර ආයුධ තව­මත් සොය­මින් සිටි­නවා. විග­ණ­න­යෙන් කියලා. සම­හර සමා­ගම් නිවැ­ර­දිව ගිවි­සුම් ගහලා නැහැ. රාජ්‍ය නීති රීති රෙගු­ලා­සි­ව­ලට අනු­වයි, අපි කට­යුතු කරන්නේ.”

කමිටු සභා­පති:

“දැනට ආයුධ කීයක් තිබෙ­නව ද?“

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“අපි ගාව ආයුධ අට­සි­ය­යක් විතර තිබෙ­නවා. ඇත්ත­ටම ඒ ප්‍රමා­ණය මදි. අපි තව ගන්නත් ඉල්ලලා තිබෙ­නවා. තුන්සි­ය­යක් විතර. බිස්නස් එනවා තව. සී මාර්ෂල් තව වැඩි­ක­රන්න පුළු­වන් ආයුධ තිබෙ­නවා නම්, ඒ නිසා එම් ඕ ඩී එකෙන් ඉල්ලලා තිබෙ­නවා.”

කමිටු සභා­පති,

“2006 වසරේ සිට රක්නා ලංකා සමා­ගම සතුව තිබූ ආයුධ ප්‍රමා­ණය කොප­ම­ණද? ඒකෙන් කොච්චර අතේ තිබෙ­න­වද? කොප­මණ සංඛ්‍යා­වක් විනාශ වෙලා තිබෙ­න­වද? කීයක් අතු­රු­දන්වී තිබෙ­නව ද?”

රක්නා ලංකා සමා­ගමේ නිල­ධා­රි­යකු:

“ආයුධ 219ක් සම්බ­න්ධ­යෙන් තමයි ප්‍රශ්න­යක් තිබෙන්නේ. වෙපන් 219න් 139ක් විදේශ ආම­ර්වල තැන්පත් කර තිබෙ­නවා. ඒවා ගෙන්ව ගන්න බැරිව තිබෙන්නේ. ඊට අම­ත­රව වෙපන් 13ක් තිබෙන තැන අපට හොයා ගන්න බැහැ. විදෙස් ආම­ර්වල තැන්පත් කරලා. නමුත් තැන හොයා ගන්න බැහැ. වෙපන් 67ක් ඩිස්ට්‍රොයි කර තිබෙ­නවා . ඒ නිසා වෙපන් පනස් හය­කට මුදල් අදාළ සමා­ග­ම්ව­ලින් අය­ක­ර­ගෙන තිබෙ­නවා. තව 11කට මුදල් අය­කර ගත යුතුයි.”

කමිටු සභා­පති:

“විදෙස් ආම­ර්වල තැන්පත් කර ඇති ආයුධ ගෙන්වා ගැනීමේ වග­කීම තිබෙන්නේ කා සතුව ද? රක්නා ලංකා සමා­ගම සතුව ද? ඇව­න්ගාඩ් සමා­ගම සතුව ද? ඒ වගේම මේක බර­ප­තළ කරු­ණක්. ඒ නිසා ඉතාම ඉක්ම­නින් මේ සම්බ­න්ධ­යෙන් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය සමඟ සාකච්ඡා කරලා මේක වහා විස­ඳී­මට මැදි­හත් විය යුතුයි. ඒ වගේම මේ සම්බ­න්ධ­යෙන් සමා­ජය තුළ කතා කළාට අපි හිතු­වෙත් මේ වෙන­කොට මෙම ප්‍රශ්නය අව­සන් වෙලා ඇති කිය­ලයි. ඒනිසා ඉක්ම­නින් මේ කාර්යය අව­සන් කරන්න. රාජ්‍යය තාන්ත්‍රික සබ­ඳතා හරහා මේ වෙනු­වෙන් මැදි­හත් වෙන්න පුළු­වන් ද කියලා වහාම බලන්න.“

පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධු­රංග මහතා:

“ඒ වගේම සභා­ප­ති­තු­මනි, මේ ආයුද ටික ගෙන්න ගන්න­කම් අඩුම තරමේ මේ ආයුද තිබෙන්නේ මොන මොන රට­ව­ල්වල ද , මොන මොන ස්ථාන­වල ද යන්න සම්බ­න්ධ­යෙන් නිවැ­රදි තොර­තුරු ලබා ගන්න. මොකද මේ ආයුධ එළියේ සමා­ජ­යට ගිහින් නැහැ කියා සිය­යට සිය­යක් තහ­වුරු කර­ගැ­නීමේ අව­ශ්‍ය­තා­ව­යක් තිබෙ­නවා.”

රක්නා ලංකා සමා­ගමේ නිල­ධා­රි­යකු,

“එම ආයුධ තිබෙන තැන් ඉදි­රි­පත් කළ හැකියි.“

කමිටු සභා­ප­ති­ව­රයා:

“එම ආයුධ ගෙන්වා ගැනීම වෙනු­වෙන් මොන­වද කර තිබෙන්නේ. ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය සමඟ සාකච්ඡා කළා ද. එහෙ­මත් නැත්තම් ඇව­න්ගාඩ් සමා­ග­මෙන් යම් විම­සී­මක් කළා ද. ඇව­න්ගාඩ් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට කැඳෙව්ව ද?”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“මේ ආයුධ ගෙන්ව­ගන්න වග­කීම භාර­ගන්න කෙනෙක් සොයා­ගන්න බැරි­වයි ඉන්නේ.ඇව­න්ගාඩ් පම­ණක් නෙවෙයි. ලෝකල් ඒජන්ට්ලා හරහා ගිය ඒවත් තිබෙ­නවා. දැනට අපි අමා­ත්‍යාං­ශ­යට දැනුම් දී තිබෙ­නවා.”

කමිටු සභා­පති:

“ගිවි­සු­ම්වල නැද්ද. ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පාලන කාල­යේදී ගිවි­සුම් ගතවූ දේවල් නැද්ද?“

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“නැහැ. ඒ කිසිම දෙයක් නැතිව තමයි ගිහින් තිබෙන්නේ. අපට ඒ ලේඛන තමයි සොයා­ගන්න බැරිව ඉන්නේ. හරි­ය­මට මේවා හොයන්න අපි ඒ ඒ රට­ව­ල්ව­ලට ගියොත් ආර්ථික වශ­යෙන් විශාල විය­ද­මක් දරන්න වෙනවා. ඒ වගේම වෙපන් එකට වඩා විශාල මුද­ලක් මේ වෙනු­වෙන් වැය කරන්න වෙනවා. නමුත් අපි නොක­ඩවා එම් ඕ ඩි එකට කිය­නවා.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“විශාල ආයුධ ප්‍රමා­ණ­යක් බැහැ­රවී ඇති ආකා­රය පැහැ­දි­ලියි. 2011 වසරේ සිටයි මෙය සිදුව තිබෙන්නෙ. ඒ නිසා ඉක්ම­නින් රක්නා ලංකා ආය­ත­නය පැත්තෙන්, ඔබ­තු­මාගේ පැත්තෙන් ඉක්මන් මැදි­හ­ත්වී­මක් මේ වෙනු­වෙන් සිදු කරන්න. ඒ වගේම මෙම ආය­ත­නය වෙනු­වෙන් සිදු­කර තිබෙන යම් ඉදි­කි­රී­මක් වෙනු­වෙන් විශාල විය­ද­මක් සිදු­කර තිබෙ­නවා. තට්ටු 14කට සැල­සුම් කළ ගොඩ­නැ­ඟි­ල්ලක තව­මත් මිලි­යන අට­සිය ගණ­නක් වැය කරලා හදලා තිබෙන්නේ පළමු තට්ටුව විත­රයි.”

නීති නිල­ධා­රි­නිය:

“මේ සම්බ­න්ධ­යෙන් අධ්‍ය­ය­නය කර­න­කොට පැහැ­දිලි වන්නේ ප්‍රස­ම්පා­ද­න­ය­කින් තෝරා­ගැ­නී­මක් සිදුව නැති බවයි. උප­දේ­ශක සමා­ග­මක් තෝරා­ගෙන නැහැ.”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“මේ සම්බ­න්ධ­යෙන් වෝහා­රික විග­ණ­න­යක් කරන්න කියලා උප­දෙස් ලැබී තිබෙ­නවා. 2023 වස­රේදි තමයි ඒ උප­දෙස් ලබාදී තිබෙන්නේ. නමුත් ඒ විග­ණ­නය තවම ආරම්භ කර නැහැ.”

කමිටු සභා­පති:

“මම දන්න තර­මට මේක 2021 දි සිදු­කර තිබෙන මෙම විය­දම සම්බ­න්ධ­යෙන් මධ්‍යම ඉංජි­නේරු කාර්යාං­ශය ඇස්ත­මේ­න්තු­වක් කර­නවා. ඒකෙදී බිලි­යන 1.3 ක් තමයි ඇස්ත­මේ­න්තු­ගත කර තිබෙන්නේ. නමුත් ඒ වෙන­කොට බිලි­යන 2.3 ක් විය­දම් කර තිබෙ­නවා. ඒ නිසා මේ සම්බ­න්ධ­යෙන් ඉක්ම­නට වෝහා­රික විග­ණ­නය ආරම්භ කරන්න.”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“මේ සඳහා අපි තෝරා­ගැ­නී­මක් සිදු­කර තිබෙ­නවා. ඒ වගේම ආර­ක්ෂක නියෝජ්‍ය අමා­ත්‍ය­තුමා විසින් උප­දෙස් දුන්නා මේ සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­ව­ටත් පැමි­ණිලි කරන ලෙසට.මේ සුමා­නයේ අපට ඒක කරන්න පුළු­වන් වෙයි.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“ඒ වගේම ඇව­න්ගාඩ් ආය­ත­නය මෙහෙ­යුම් කට­යුතු අව­සන් කර තිබෙ­නවා. ඇව­න්ගාඩ් ආය­ත­න­යෙන් රක්නා ලංකා ආය­ත­න­යට කෙත­රම් මුදල් ලැබිය යුතුද?”

පිළි­තුර,

“2024 මාර්තු 31 වන­විට ලැබීම් ලෙස මිලි­යන 231ක් සඳ­හන් වෙනවා. ඒ ඇතුළේ ඇව­න්ගාඩ් සමා­ග­මත් ඉන්නවා.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“එත­කොට ඇව­න්ගාඩ් සමා­ග­මෙන් පම­ණක් අය­විය යුතු මුදල කොප­ම­ණද?”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර්(විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා,

“අපගේ රක්නා ලංකා සමා­ග­මට සිය­යට පහක් ගෙවිය යුතු­යිනේ. නමුත් ඒ ගෙවිය යුතු මුදල් ගෙවන්නේ මාස දෙක තුනක් ප්‍රමාද කර­ලයි. ජූලි මාස­යෙන් පසුව ගෙවීම් කරලා නැහැ.”

රක්නා ලංකා ආය­ත­නයේ නියෝ­ජි­ත­යකු:

“අපට ඩොලර් 23109.38ක්, තවත් ආය­ත­න­යක් එක්ක සම්බන්ධ වෙලා කරපු කට­යු­තු­ව­ලදි ඩොලර් තුන්ලක්ෂ හත්ද­හස් එක­සිය හැත්තෑ­වක් ගෙවන්න තිබෙ­නවා. ඒ වගේම තවත් ඔප­රේ­ෂන් එක­කදී රුපි­යල් මිලි­යන 3.5ත් ගෙවිය යුතුයි.”

කමිටු සභා­ප­ති­ව­රයා:

“ඩොල­ර්ව­ලින් ගත්තොත් ඩොලර් තුන්ලක්ෂ තිස්ද­හ­සක් විතර ගෙවන්න තිබෙ­නවා, ඇව­න්ගාඩ් සමා­ගම විසින්. ඊට අම­ත­රව රුපි­යල් මිලි­යන 3.5 ක්. ඒ මුදල අය­කර ගැනීම වෙනු­වෙන් මොන­වද කරන්නේ?. ඒ වගේම ඒ මුදල ඒ අය ගෙවන්නේ නැත්තම් නීති­මය ක්‍රියා­මා­ර්ග­හරි ගත යුතු­යිනේ. මේ වෙනු­වෙන් මොන­වද කරලා තිබෙන්නේ.”

රක්නා ලංකා සමා­ගමේ සභා­පති බ්‍රිගේ­ඩි­යර් (විශ්‍රා­මික) ජූඩ් ප්‍රනාන්දු මහතා:

“අපි මේ සම්බ­න්ධ­යෙන් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට දැනුම් දී තිබෙන්නේ. මේ සම්බ­න්ධ­යෙන් උප­දෙස් දෙන්න කියලා අපි කියලා තිබෙන්නේ. අපෙන් විස්තර වග­ය­කුත් ලබා­ගත්තා. ඒ වගේම ඉක්ම­නින්ම ඒ අයට විරු­ද්ධව නඩු පව­රන්න කියලා අපට උප­දෙස් ලබා දෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *