දූෂණයෙන් සහ නාස්තියෙන් තොර සදාචාරාත්මක පාලනයක් ගොඩ නැගීමට රජය දරන උත්සාහය මානව හිමිකම් කොමසරිස් අගයයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ මහකොමසාරිස්, වෝකර් ටර්ක්, සිය සිව් දින නිල සංචාරය ඊයේ දිනයේ දී අවසන් කළේ ය. 

සිය සංචාරය අතරතුර, උත-ුරේ සහ දකුණේ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ සහ ජනතාව මුණ ගැසී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමේ අවස්ථාව මහකොමසාරිස් උදාකර ගත්තේ ය. 

බාධා කිරීමකින් තොරව, ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම සම්බන්ධයෙන්, මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාවය පළ කළේ ය. 

දූෂණයෙන් සහ නාස්තියෙන් තොර, මානව හිමිකම් සුරකින, සදාචාරාත්මක පාලනයක් ගොඩ නැගීම සදහා නව රජය දරන උත්සාහය මහලේකම්වරයා අගය කළේ ය. ඊට අමතරව ඒ සදහා රජය දරණ නව මුල පිරීම් සදහා අවශ්‍ය සහාය ලබා දීමටද මහකොමසාරිස්වරයා පොරොන්දු විය. 

රජය සමග පැවති සාකච්ඡාවේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත්, සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත් මහකොමසාරිස්වරයා ඉල්ලා තිබේ.

මෙහිදී සමලිංගික විවාහය නීතිගත කිරීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන ලෙසද මහකොමසාරිස්වරයා වැඩිදුරටත් රජයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *