රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා  අද (11)  නියෝග කළේය.

අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ හර්ෂණ කැකුණුවෙල මහතා සඳහන් කර සිටියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමස කිසිදු බාධාවක් නොමැති බවය.

ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට   භාරදී රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන්  විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *