වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ග රක්ෂිතයේ නිධන් වස්තු ඇතැයි පැවසෙන ස්ථානයේ කැණීම් කටයුතු අද තෙවැනි දිනටත් ආරම්භ වුණා.
ඒ අනුව ඊයේ වනවිට මතුව තිබූ විශාල විශ්කම්භයකින් යුතු පාෂාණය කැබලිවලට කඩා පිටතට ගැණුනා.
පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙය මිථ්‍යා මත අනුව සිදු කරනු ලබන කටයුත්තක් බවයි.
වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ පිහිටි මෙම ස්ථානයේ නිධන් වස්තු ඇති බවට ඇතැමුන් තුළ මත පවතිනවා.
ඒ අනුව අදාළ ස්ථානයේ නිධන් වස්තු සොයා වරින් වර කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
අවස්ථා 10ට අධික සංඛ්‍යාවකදි මේ ආකාරයෙන් කැණීම් සිදුකළ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අධිකරණය අදාළ ස්ථානය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් කිරීමට අත්තනගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ මෙම ස්ථානයේ නිරන්තරයෙන් නිධන් හෑරීම් සිදු කිරීම ගැන සැලකිල්ලට ගනිමින්.