හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

ජනාධිපති අරමුදල් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට අධිකරණය රහස් පොලීසිය අවසර ලබා දුන්නා.

නීති සම්පාදකයන් වන මන්ත්‍රීවරුන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනතා අරමුදලින් අනුමත කළ උපරිම ප්‍රමාණයට වඩා ජනපති අරමුදල් ලබාගෙන වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ පිළිබඳ විමර්ශනයට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල,  රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර යන හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට අවසර ලබා දුන්නේ.

මෙම තොරතුරු ලබා දෙන ලෙස රාජ්‍ය බැංකුවලට ද නියෝග කෙරුණා.

පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රහස් පොලීසියට අධිකරණයට දන්වා සිටියා.

විමර්ශනවලට නියෝග ඇතොත් ඉල්ලා සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *