දුවට එපාවූ අම්මා මිය යන තුරු රැඳී සිටීමට තැනක් සොයයි

76 හැවිරිදි මවට 40 හැවිරිදි දියණියක් සිදු කරන හිරිහැර වලට සාධාරණය සොයා 80 හැවිරිදි මවක් පොලීසියට  හා රජයේ නිලධාරීන් හමුවට ගිය පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන්  පස්වරුවේ වාර් තා වුණා.

දියණියක විසින් මව මහමගට ගෙනවිත් දමා යාම සිදුකරන ලද ක්‍රියාවට  සාධාරණය ඉල්ලා සහ එම මවට මියයන තුරු ජිවත් වීමේ අයිතිය ඉල්ලා රජයේ නිලධාරීන්ගේ සහාය පතා ඇත්තේ ගලේවෙල  එනමල්පොත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු අසූවක් වූ ටී. ජි . මැණිකේ මාතාවයි.

තමන් වසර හතලිහකට පමණ ඉහතදී හඳුනාගෙන සිටි  මේ වන විට හැත්තෑ හය වැනි වියේ පසුවන  කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඕ .ඩී .ලපී 74   එක් දරු  මව පසුගි ඇසල  පුන් පොහෝ දින ගලේවෙල එනමල් පොත ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකට  ගෙනවිත් දමා සිටියදී ඇයව බේරා ගැනීමට හැකි වූ බව මෙම මව රජයේ නිලධාරීන්ට දැනුවත් කොට තිබෙනවා.

දියණියක විසින් අතරමග දමා ගිය මෙම මව දැනට ගලේවෙල එනමල් පොත ප්‍රදේශයේ  අසූව හැවිරිදි මවගේ නිවසේ සිටින බවත් ඇයට කුමන හෝ සාධාරණයක් ඉටුකර දෙන්නැයි ඇය පොලිසියෙන් සහ සමාජ සේවා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ඇය සඳහන් කළා.

 මෙම අනුවේදිනීය කතා පුවත සොයාගෙන ගලේවෙල එනමල්පොත ප්‍රදේශයට ගිය අපට එක් දරු මව වූ   ලපි  මහත්මිය හඬා වැටෙමින් කියා සිටියේ අලව්ව ප්‍රදේශයේ පොල් වත්තක තම දියණියත් සමඟ ජීවත්ව සිටියදීත් පසුගිය ඇසළ පොහෝ දිනයේ තම  හතළිස් හැවිරිදි දියණිය ත්‍රී රෝද රථයක තමන්ව  දමාගෙන බැණ වදිමින් රැගෙන විත් මහ මග දමා ගිය බවයි.

 කිසිදු දිනක පාසල් අධ්‍යාපනයක් හෝ අකුරක් කියවා ගැනීමට ලියා ගැනීමට නොහැකි තමන් කොහේ රැගෙනවා යනවාද යන්න සොයා ගැනීමට අපහසු වුණ බවත් එන අතරතුර මහා විලාප තබමින් පැමිණි බව ද  තම දියණිය තමන්ව ත්‍රිරෝද රථයෙන් බස්සවා පිටව ගිය බව ඇය හැඬු කඳුළින් සඳහන් කළා.

තම දියණියට වයස අවුරුදු තුනක් ගතවෙද්දී හෘදයාබාධයකින් සැමියා මිය ගිය බවත් තමන් සහ දියණිය් කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිටි බවද ඇය    ප්‍රකාශ කළා.

පසුව නිවෙස්වල කුලී වැඩ කරමින් වලං සෝදමින් දර   අලෙවි කරමින් තම දියණියට උසස් අධ්‍යාපනය දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කළ බවත්, පසුව

 අලව්ව දේශයේ පොල් වතුවල සේවය කරමින් දියණිය ලොකු මහත් කර තිබෙනවා.

මෙම සිටින නිවසේ හිමිකාරිය ටී .ජී .මැණිකේ මහත්මිය කුඩා අවධියේ කෑගල්ලේම මෙම   මවගේ ගමේ සිටි  අයෙකු බවත් වසර හතළිහකට ඉහතදී කුඩා කාලයේ ඇය එනමල්පොත ප්‍රදේශයේ මෙම නිවසට අවස්ථා කිහිපයකින් පැමිණ තිබුණු බවද ඒ අනුව තම දියණිය මෙම ප්‍රදේශයට  තමන්ව ගෙනත් දමන්නට ඇති බව ඇය විශ්වාස කරනවා.

 කෙසේ වෙතත් තමන්ට  මිය යන  තුරු රැඳී සිටීමට කොහේ හෝ අවස්ථාව උදාකර දෙන්නැයි හැඟීම්බරව ඉල්ලා  සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *