දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළට

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මීට පෙර දිනකට නිකුත් කළ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,200කි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල සඳහන් කළේ කිසියම් පුද්ගලයෙක්ට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බවයි.

එම කවුළුවට ඉදිරිපත් කරන අයදුම්පත් කමිටුවක් මඟින් සලකා බලා කඩිනමින් ගමන් බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *