නායකයාව මරලා දැම්මා අපිටත් බයයි – ඩෑන් ප්‍රියසාද්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

බෙලි අත්තේදී වෙඩි කා අවසන් ගමන් ගිය අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු පස්දෙනෙකුගේ ඝාතනය පිටුපස පාතාලය සිටින බවට සැකකරන බව ඩෑන් ප්‍රියසාද් නමැත්තා පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ ‌මෙම තත්ත්වය තමන් ඇතුළු සාමාන්‍ය ජනතාවද බියට පත්කරන බවයි.

අපේ ජන බල පක්ෂය නියෝජනය කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඇතුළු සමස්ථ මහා සංඝරත්නයම දේශපාලනයෙන් ඉවත් විය යුතු බවද ඔහු ‌අවධාරණය කළා.

“ඊයේ දිනයේ අපෙ ජනබල පක්ශයේ නායක මැර ප්‍රහාරයකින් මැරුනා.. පාතාලය හිස ඔසවලා.. මම අපේ ජනබල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ නායකයා හැටියට කටයුතු කරේ මං.. අපිටත් බයයි.. මේ වනවිට යුක්තිය මෙහෙයුම බිමට හෙලමින් පාතාලය හිස ඉසවමින් ඉන්නවා.. වැඩ බලන පොලිස්පතිතුමා මේ ගැන හොයලා බලන්න.. මේ වගේ වැඩවලින් කරන්න හදන්නේ යුක්තිය මෙහෙයුම කඩා කප්පල් කරන්නයි.. පාතාලේ වැඩක්ද මේක.. විමර්ශනයක් කරලා සාධාරනයක් ඉටු කරන්න.. රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙලා.. නීතිඥවරුන්ගෙන් රටට වැඩක් නැහැ..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *