ලිහිල් මුදල් ප්‍රතිපත්තිය සහ සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතික අඩු කිරීමට ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. තව ද, රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධිමිල පහත වැටීමේ සහාය ඇතිව රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික අඛණ්ඩව අඩු වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
2024 අංක 01 මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.පසුගිය කාලයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීමට අනුකූලව වෙළඳපොළ පොලී අනුපාතික විශේෂයෙන් ණය පොලී අනුපාතික සහ රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික ඉදිරි කාලයේදී අඩු වීම සඳහා තවදුරටත් අවකාශ පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය.මේ අතර, ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙළඳපොළ වෙත සම්ප්‍රේෂණය වීම පිළිබිඹු කරමින්, බැංකු අංශය විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය මාසික ලක්ෂ්යමය පදනමින් 2023 නොවැම්බර් මාසවලදී සැලකිය යුතු ලෙස අඛණ්ඩව ඉහළ ගියේය. මුදල් තත්ත්ව තවදුරටත් ලිහිල් කිරීම මගින් සහාය ලබමින් පෞද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රසාරණය ඉදිරි කාලයේදී ද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.