ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.
අද (29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවකදී ඔහු සමගි ජන බලවේගය සමඟ එක් වී ඇති අතර එහිදී ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළ බවයි වාර්තා වෙන්නේ.