කුඩු ඡාවාරම්කරුවන්ගේ ලක්ෂ ගණනන අල්ලස් ප්‍රතික්ෂේප කරමින් කුඩ්ඩන්ව ඇල්ලූ පොලිසියට ගමෙන් උපහාර

කුඩු ජාවාරමුන් දුන් ලක්ෂ ගණනක අල්ලස් මුදල් ප්‍රතික්ෂේප කරමින් කෝටි ගණනක මුදල් සමඟ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් තොඩුවාව පොලිසියට උපහාර පළ කරන්නට ගම්වැසියෝ කැවුම් කිරිබත් උයාගෙන පොලිසියට පැමිණියහ.

මෙලෙස පොලිසියට නෑ ගම් ආවේ ඉහල මහවැව මහජන ආරක්ෂක කමිටු සාමාජිකයෝයි.

ඔවුහු කැවුම්,කිරිබත් ඇතුළු සියලු රසකැවිලි හා තෑගි භෝග ගෙන ආහ.

පසුගිය මැයි 22 දින අලුයම් කාලයේ තොඩුවාව පොලිස් වසමේ සැක සහිත ලෙස ත්‍රීරෝද රථයක රැදී සිටි දෙදෙනෙකු එදින රාත්‍රී මුර සංචාරයේ නිරත පොලිස් නිළධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී කළු පැහැති බෑගයක රුපියල් කෝටි ගනනක මුදලක් තිබෙන බව දැක තිබේ.

ඒ අවස්ථාවේදී සැකකරුවන් පොලිස් නිලධාරීන් දෙදෙනාට ලක්ෂ පහ බැගින් ලබා දීමට උත්සහයක් ගෙන ඇත.

එහිදී එම පොලිස් නිලධාරීන් දෙදෙනා තම ඉහල නිලධාරීන් කඩිනමින් දැනුවත් කරමින් තවත් පොලිස් කණ්ඩායම් කීපයක් මෙම ස්ථානයට කඳවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *