තිරුපති වන්දනා කර දේශබන්දු යළි ලංකාවට එයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉන්දියාවේ තිරැපති කෝවිල වන්දනා කිරීම සඳහා ගොස් ආපසු පැමිණ තිබේ.

ඔහු රටින් පලා ගිය බවට ආසන්න දිනවල ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ එම විදෙස්ගත වීමයි.

ඔහු රටින් පිටව ගිය ගුවන්යානාවේ අංකය පවා ඇතැම් සමාජ ජාල වල පළවිය.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය විදෙස් සංචාරයෙන් නිමවා මේ වන විට නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටි සිටින බව පොලිසියේ ආරංචි මාර්ග වාර්තාකරයි.

ඔහු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම මේ වන විට අධිකරණය විසින් අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *