ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි

පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව පොහොට්ටුවෙන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සිටි පොහොට්ටු මන්ත්‍රී ධම්මික පෙරේරා ලිඛිතවම දැනුම් දී තිබෙනවා. හෙට (07) ඔහුව ඉදිරිපත් කරන බව පවසා සිටියත් අද සවස ඔහු තමන්ගේ අකමැත්ත පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වෙත දන්වා තියෙනවා.

එම ලිපිය මෙසේයි;

“2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම

පළමුව, 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් මා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධව පක්ෂ නායකත්වයටත්, ඔබතුමාටත්, අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් මා ගේ හෘදයාගම ස්තූතිය පළ කරමි.

නමුත්, පෞද්ගලික හේතුවක් මත මා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව මෙයින් කාරුණිකව දන්වමි. පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා මාගේ සුභ පැතුම් මෙයින් එක් කරමි.

ස්තූතියි මෙයට හිතවත්

ධම්මික පෙරේරා (පා.ම.)”

image 4 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *