ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් පසුගිය දොළොස්වන දා අනුරාධපුරයේ දී පැවැත් වූ ජන රැළියේ දී, හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් සිදු කරන ලද කතාව ඔස්සේ අධිකරණයට අපහාසයක් වී ඇද්ද යන්න වහාම සොයා බලන ලෙස, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
දොළොස්වන දා පැවති රැළියේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම, විමල් වීරවංශ විසින් දැඩිව හෙලා දැක තිබුණි.