බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ වැඩිවීමක්
2012 වසරේ සිට 2022 වසර දක්වා දශකයක කාලය තුළ වාර්ෂිකව බ්‍රිතාන්‍යයේ සේවයට එක්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සංඛ්‍යාව පසුගිය වසර දෙකක කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
2012 වසරේ සිට 2020 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ සේවයට ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව වසරකට 250කට වඩා අඩු සංඛ්‍යාවක පැවතුණු බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය මහා සභා වාර්තාව අනුව පෙනී යයි.
2021 වසරේදී එම සංඛ්‍යාව 400කට ආසන්න අගයක් ගෙන ඇති අතර, 2022 වසරේදී 500 ඉක්මවා තිබේ.
එනම්, 2020 වසරට සාපේක්ෂව දෙගුණයක ඉහළ යාමකි.
එමෙන් ම, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ මූලික වෛද්‍ය සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වැඩි ම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයකි.
වෛද්‍ය මහා සභා වාර්තාව අනුව එම රටවල් 5 වන්නේ,
- ඉන්දියාව (2400)
- පකිස්ථානය (2400)
- නයිජීරියාව (1700)
- ඊජිප්තුව (1200)
- ශ්‍රී ලංකාව (550) යන රටවල්ය.
මේ අතර, 2010 වසර වන විට බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 2423 දෙනෙකු ලියාපදංචි වී සිටියහ.