ටයිටේනියම් ලෝහ නිෂ්පාදනය සඳහා ආයෝජනයක් වෙනුවෙන් Dubal Holding සමාගම කැමැත්ත ප්‍රකාශ කරයි

ටයිටේනියම් ලෝහ නිෂ්පාදනය සඳහා ආයෝජනයක් වෙනුවෙන් Dubal Holding සමාගම කැමැත්ත ප්‍රකාශ කරයි.

​ඩුබායි රාජ්‍යයේ Dubal Holding L.L.C සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Ahmad Bin Fahad මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී මා හමුවිය.

​ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි උපයෝගී කරගනිමින් ටයිටේනියම් ලෝහය (Titanium Metal) දේශීයව නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඔවුන් මෙහිදී සිය කැමැත්ත පළ කළහ.

​මෙම ආයෝජනය සම්බන්ධයෙන් දැනටමත් රජය විසින් කැඳවා ඇති EOI (Expressions of Interest) ක්‍රියාවලියට ඉදිරිපත් වන ලෙස මම සමාගම් නියෝජිතයින්ට මෙහිදී දැනුම් දුන්නෙමි.

​මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ සභාපති ඩී. එම්. කුමාර රත්න බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *