අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.ෙඅල්ලස් හා දූෂණයෙන් තොර යාන්ත්‍රණයක් රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වන බවද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළේය .
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා මේ බව සදහන් කළේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේ අද (27) හමු වූ අවස්ථාවේදීය.
ෙඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර 75ක මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සමීප සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.